| Meta quietly launches a new Reddit-like app called Forum

Mic
By Mic

Facebook, Instagram සහ WhatsApp යන සමාජ මාධ්‍ය ජාලාවන්හි හිමිකාරීත්වය දරන Meta සමාගම විසින් Reddit වේදිකාවට සමාන මුහුණුවරක් සහ අත්දැකීමක් ලබාදෙන Forum නමින් නවතම App එකක් කිසිදු පෙර දැනුම්දීමකින් තොරව නිල වශයෙන් හඳුන්වා දී තිබෙනවා.

මෙම යෙදුමෙහි ප්‍රධානතම අරමුණ වන්නේ දැනට පවතින Facebook Groups සඳහා වෙනමම අවකාශයක් (Dedicated space) ලබාදීම සහ පරිශීලකයන්ට තමන් කැමති විවිධ මාතෘකා යටතේ ප්‍රජාවන් (Communities) ගොඩනඟා ගැනීමට සහ අදහස් හුවමාරු කරගැනීමට අවස්ථාව හිමිවෙනවා. මේ වන විට ලොව පුරා අතිශය ජනප්‍රියව පවතින Reddit වේදිකාවට සෘජු තරගයක් ලබාදීමේ අරමුණින් Meta සමාගම මෙම පියවර ගෙන ඇති බවයි තාක්ෂණික විචාරකයන් පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත්, මෙම Forum යෙදුම දැනට පවතින්නේ පරීක්ෂණ මට්ටමේ බැවින් එය බාගත කරගැනීමට අවස්ථාව හිමිවන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ (USA) වෙසෙන Apple iOS (iPhone) පරිශීලකයන්ට පමණි.

මෙහි විශේෂාංග (Features) කිහිපයක් පහතින් දැක්වෙනවා.

🔹Facebook Groups වෙනමම පෙන්වීම: ප්‍රධාන Facebook ඇප් එකේ ඇති අනවශ්‍ය පෝස්ට් සහ තදබදයෙන් තොරව, තමන්ට අවශ්‍ය Groups වල පෝස්ට් පමණක් බලාගැනීමට සහ සාකච්ඡා කිරීමට වෙනමම Feed එකක් ලබාදීම.

🔹Upvote සහ Downvote පහසුකම: සාමාන්‍ය Like සහ Reacts වෙනුවට, Reddit වේදිකාවේ මෙන් වඩාත් වැදගත් පෝස්ට් ඉහළට ගෙන ඒම සඳහා Upvote සහ Downvote කිරීමේ ක්‍රමවේදයක් මෙහි අන්තර්ගත කර තිබීම.

🔹අලුත් කමෙන්ට්ස් රටාව (Nested Comments): දිගු සාකච්ඡා (Threads) ඉතා පහසුවෙන් කියවීමට සහ පිළිතුරු දීමට හැකි වන පරිදි එකට බැඳුණු කමෙන්ට්ස් රටාවක් හඳුන්වා දී තිබීම.

🔹මාතෘකා මත පදනම් වූ සංවාද (Topic-focused): පුද්ගලයන් මුල් කරගත්තාට වඩා, විවිධ මාතෘකා (Topics) සහ ප්‍රජාවන් (Communities) මුල් කරගනිමින් සංවාද ගොඩනැගීමට විශේෂ අවධානයක් ලබා දී තිබීම.

ප්‍රධාන Facebook ඇප් එක තුළ ඇති අධික තදබදය (Clutter) නිසා බොහෝ පරිශීලකයන් Reddit වැනි වේදිකාවලට යොමු වීම වළක්වා ගැනීමටත්, කමියුනිටි සාකච්ඡා සඳහා වෙනමම නිදහස් වටපිටාවක් නිර්මාණය කරදීමටත් Meta සමාගම මෙම පියවර ගෙන ඇති බවයි තාක්ෂණික විචාරකයන් පෙන්වා දෙන්නේ.

මීට පෙර 𝕏 (Twitter) වේදිකාවට තරගයක් දීම සඳහා Threads ඇප් එක හඳුන්වා දුන් Meta සමාගම, මෙලෙස Reddit සඳහා ද විකල්පයක් ගෙන ඒම හරහා අන්තර්ජාලයේ සමස්ත සමාජ මාධ්‍ය අවකාශයම තමන් සතු කරගැනීමේ දැවැන්ත මෙහෙයුමක නිරත වන බව මින් තවදුරටත් පැහැදිලි වනවා.

ඔයාට මොකද හිතෙන්නේ Forum එක සාර්ථක වෙයිද අසාර්ථක වෙයිද?

උපුටා ගැනීම : The Sri COM

Share This Article