සඳහා වන මිල අධික subscription ගාස්තු පිළිබඳව ලොව පුරා නිර්මාණකරුවන් දැඩි කලකිරීමකින් පසුවන පසුබිමක, Adobe හි ප්රධාන මෘදුකාංග වෙනුවට නොමිලේ භාවිත කළ හැකි, open-source විකල්ප මෘදුකාංග 7ක් Rust language එකෙන් නිර්මාණය කර GitHub වෙත නිකුත් කිරීමට ArtCraft හි Brandon Thomas නමැති ඩිවලපර්වරයා සමත්ව තිබෙනවා..
Photoshop වෙනුවට PhotoCraft, Illustrator වෙනුවට VectorCraft, Premiere Pro වෙනුවට FilmCraft, Lightroom වෙනුවට LightCraft, After Effects වෙනුවට EffectCraft, InDesign වෙනුවට DesignCraft සහ Acrobat Pro වෙනුවට PdfCraft ලෙස මෙම software හත නම් කර තිබෙනවා..
Adobe එකේ කිසිදු proprietary code එකක් භාවිත නොකර මුලසිටම Rust භාෂාවෙන් ලියා ඇති මෙම apps, Adobe පරිශීලකයින්ට කිසිදු අලුත් පුහුණුවකින් තොරව පහසුවෙන්ම මාරු විය හැකි වන පරිදි Adobe එකේ menus, panels සහ keyboard shortcuts ඒ අයුරින්ම අනුගමනය කරමින් සකස් කර තිබීම විශේෂත්වයක්..
මෙම project එකේ ඇති තවත් සුවිශේෂී කරුණක් වන්නේ එහි කෝඩ් වලින් වැඩි කොටසක් Anthropic සමාගමේ Claude Opus 5.5 AI මොඩල් එක මඟින් ලියා තිබීමයි..
GitHub commits වලින් 75%ක පමණ ප්රමාණයක co-author ලෙස Claude නම් කර ඇති අතර, ක්ෂේත්රයේ ප්රවීණ ඩිවලපර්වරයෙකුගේ මඟපෙන්වීම යටතේ මෙතරම් සංකීර්ණ මෘදුකාංග පද්ධතියක් කෙටි කාලයකදී ගොඩනැගීමට AI සතු හැකියාව මෙමඟින් මනාව ඔප්පු කර තිබෙනවා..
Windows, macOS සහ Linux මත native apps ලෙස මෙන්ම WebAssembly හරහා කෙලින්ම වෙබ් බ්රවුසරයෙන්ද ධාවනය කළ හැකි මෙම මෘදුකාංග, කිසිදු subscription එකක් හෝ account එකක් අවශ්ය නොවී MIT / Apache-2.0 බලපත්ර යටතේ සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දී තිබෙනවා..
දැනට මේවා early alpha සහ development මට්ටමේ පැවතුණද, නිකුත් කර පළමු සතිය ඇතුළත GitHub stars 70,000 – 80,000 ඉක්මවා යමින් තාක්ෂණික සහ නිර්මාණ ක්ෂේත්රයේ දැවැන්ත ප්රසාදයක් දිනාගැනීමට මේ වන විටත් සමත්ව තිබෙනවා…
Dinith Maleesha
