MrBeast,

Mic
By Mic

විසින් ඔක්තෝබර් 3 වෙනිදා, “Eat Everything In A Grocery Store, Win $1,000,000” කියලා අලුත් වීඩියෝ එකක් චැනල් එකේ upload කරනවා..

පැයකට ආසන්න (මිනිත්තු 58 ක) දිග මේ වීඩියෝ එක ඔහුගේ යූටියුබ් නාලිකා ඉතිහාසයේ මෙතෙක් පළවූ දීර්ඝතම වීඩියෝවයි.. (2016, 2017 කාලෙදි ගොඩාක් දිග වීඩියෝ එහෙමත් දාලා තියෙනවා.. මේ කියන්නේ ඒවා ගැන නෙමෙයි)

සාමාන්‍යයෙන් මෙතරම් දිගු වීඩියෝවක් ප්‍රේක්ෂකයින් නරඹයිද යන සැකය පැවතුණද, YouTube Studio dashboard එකේදි මේ වීඩියෝ එකට 1 of 10 (ranking by views) ශ්‍රේණිගත කිරීම ලබාගැනීමට පුලුවන් වුණා.. පළමු පැය 24 තුළ ඔහුගේ ඉතිහාසයේ වැඩිම පිරිසක් නැරඹූ වීඩියෝව බවට පත්වෙමින්, දින පහක් ඇතුළත views මිලියන 192ක් සහ ඔක්තෝබර් 10 වන විට views මිලියන 213ක් පසුකරමින් එය වාර්තා පිට වාර්තා තැබීමට සමත් වුණා…

මේ වීඩියෝ එක MrBeast මෙතෙක් අනුගමනය කළ සාම්ප්‍රදායික editing රටාවෙන් සම්පූර්ණයෙන්ම බැහැර වූ නිර්භීත පියවරක් විදිහට හඳුන්වන්න පුලුවන්.. වසර ගණනාවක් පුරා ඔහු ප්‍රගුන කළේ story එක අතිශය වේගයෙන් ඉදිරියට ගෙන යන, මිනිත්තු 15ත් 40ත් අතර කාලයකට සීමා වූ editing style එකක්..

නූතන අන්තර්ජාල ප්‍රේක්ෂකයාගේ attention span එක ඉතා කෙටි බැවින් රූපවාහිනී වැඩසටහනක් තරම් දිගු වීඩියෝ නැරඹීමේදී ප්‍රේක්ෂක රැඳීසිටීම පහත වැටෙනු ඇතැයි පොදු මතයක් පැවතුණා.. එහෙත්, ප්‍රබල කතා තේමාවක් තිබේ නම් ප්‍රේක්ෂකයින් පැයක පමණ දිගු කාලයක් වුවද එක දිගට නරඹනු ඇත්දැයි පරීක්ෂා කිරීමට MrBeast මේ long-form experiment එක සිදු කළා..

වේගවත් හා නොනවතින ශබ්ද-දෘශ්‍ය උත්තේජනයන් වෙනුවට වඩාත් ඉවසිලිවන්ත, documentary-style රිද්මයක් භාවිත කිරීම නිසා මෙම අවදානම් පියවර අතිශය සාර්ථක වුණා.. දින 200කට අධික කාලයක් හුදකලා වූ තරඟකරුවන්ගේ මානසික හා චිත්තවේගීය පරිවර්තනය මෙන්ම, ආරම්භයේදී ප්‍රතිවාදීන් වූ ඔවුන් එකිනෙකාට උදව් කරන සමීප කණ්ඩායමක් බවට පත්වන ආකාරය ප්‍රේක්ෂකයාට සමීපව අත්විඳීමට මෙම දිගු ධාවන කාලය මනා ඉඩක් ලබා දුන්නා..

නැරඹුම් වාර මිලියන සිය ගණනට සහ ලයික්ස් මිලියන 3.6කට අමතරව, මෙය MrBeast විසින් මෙතෙක් නිර්මාණය කළ හොඳම වීඩියෝව බව පවසමින් කමෙන්ට්ස් 10,000කට අධික සංඛ්‍යාවක් ලැබීමෙන් ප්‍රේක්ෂක ප්‍රතිචාරය මනාව තහවුරු වුණා..

ඇල්ගොරිතමය සහ දත්ත විශ්ලේෂණ පැත්තෙන් බලන කල, මෙම අත්හදා බැලීමේ සාර්ථකත්වය Content Creation ක්ෂේත්‍රයට අතිශය වැදගත් පණිවිඩයක් ලබා දෙනවා. කෙටි වීඩියෝ මඟින් ඉහළ retention ප්‍රතිශතයක් පහසුවෙන් ලබාගත හැකි වුවද, ඉහළ ප්‍රේක්ෂක අවධානයක් රඳවාගන්නා පැයක වීඩියෝවක් මඟින් නිර්මාණය වන cumulative watch time එක අතිමහත්..

අවසාන වශයෙන් Shorts / Reels රැල්ලෙන් පමණක් ඩිජිටල් අවකාශය සීමා වී නොමැති බව MrBeast ගේ මෙම නව සන්ධිස්ථානයෙන් ඔප්පු වෙනවා. නිර්මාණශීලී සංකල්පයක් සමඟ ප්‍රබල කතාන්දරයක් නිසි ලෙස ගොඩනඟන්නේ නම්, මිනිත්තු 60ක දිගු වීඩියෝවක් වුවද ප්‍රේක්ෂකයින් ඉතා ආශාවෙන් වැළඳගන්නා බව පැහැදිලියි..

Dinith Maleesha

Share This Article