Samsung ෆෝන් පාවිච්චි කරන ඕනම එකෙක් දන්න දෙයක් තමයි Exynos ප්රොසෙසර් එකකට වඩා Snapdragon ප්රොසෙසර් එක පට්ටම සුපිරියි කියන එක. ඒ නිසාමයි ගොඩක් අය Ultra සීරීස් එක ගද්දී Snapdragon තියෙන නිසා ඇස් වහගෙන ගත්තේ. හැබැයි ඔන්න ඊළඟට එන්න තියෙන Galaxy S27, S27+, S27 Pro විතරක් නෙවෙයි, සුපිරිම Galaxy S27 Ultra එකටත් Snapdragon වෙනුවට Samsung ලගේම Exynos 2700 චිප් එක දාන්න යනවා කියලා දැන් ලොකු ආරංචියක් යනවා.
⠀
මේක ඇහුවම මුලින්ම අප්සට් ගියාට මේ තීරණය පිටිපස්සේ තියෙන පට්ටම රහස දකුණු කොරියාවේ EBN Korea මාධ්යයෙන් දැන් එළියට දාලා තියෙනවා. මෙන්න ඇත්තම කතාව :
⠀
1. Snapdragon 8 Elite Gen 6 Pro එකටත් ගහපු Exynos 2700!
Samsung ලා උන්ගේ අලුත්ම Exynos 2700 චිප් එක රහසින්ම ටෙස්ට් කරලා තියෙන්නේ දැනට ලෝකේ තියෙන බලවත්ම චිප් එක වෙන Qualcomm ලගේ Snapdragon 8 Elite Gen 6 Pro එක දාලා හදපු Xiaomi 18 Pro Max ෆෝන් එකක් එක්කයි. කවුරුත් හිතුවේ නැති විදිහට මේ ටෙස්ට් එකෙන් Snapdragon පරද්දලා Exynos 2700 උඩටම ඇවිත් තියෙනවා. Geekbench 6.5 Multi-core ටෙස්ට් එකේදී Snapdragon එකට ලකුණු 11,000ක් ලැබෙද්දී, Exynos 2700 එක ලකුණු 13,000ක් අරන් (18% කින් වේගවත්). ඒ වගේම අලුත්ම Geekbench 7.0 ටෙස්ට් එකෙනුත් Exynos එක 15% කින් ඉස්සරහින් ඉන්නවා.
⠀
2. කොල්ලෝ Exynos වලට මෙච්චර කාලයක් බය වුණේ ඇයි?
මීට කලින් ආපු Exynos චිප් ගැන නම් තිබුණේ පට්ටම කළු පැල්ලමක්. ෆෝන් එක අම්බානක රත් වෙනවා, බැටරිය බලාගෙන ඉද්දී බහිනවා, ලොකු ගේම් එකක් ගහද්දී හරි Multitasking කරද්දී හරි ස්පීඩ් එක හොඳටම බහිනවා. හැබැයි ගිය පාර ආපු Exynos 2600 එකෙන් Samsung ලා මේ පරතරය ගොඩක් දුරට අඩු කරගත්තා. දැන් මේ එන Exynos 2700 එකෙන් උන් Snapdragon එකත් පහු කරලා යන්නයි හදන්නේ!…
⠀
3. ඩොලර් 300ක චිප් එක සහ ෆෝන් එකේ ගාණ!
Samsung ලා මේ තීරණය ගන්න තවත් ලොකුම හේතුවක් තමයි සල්ලි!.. Qualcomm ලගේ අලුත්ම Snapdragon චිප් එකක් විතරක් ඩොලර් 300කට වඩා වැඩි වෙනවා. ඉතින් ඒක දාලා S27 Ultra එක හැදුවොත් ෆෝන් එකේ ගාණ අහසටම නගිනවා. ඒ වෙනුවට තමන්ගේම Exynos 2700 චිප් එක දැම්මම, S26 Ultra එකේ තිබ්බ ගාණටම අලුත් ෆෝන් එකත් මාකට් එකට දාන්න Samsung ලට පුළුවන් වෙනවා.
⠀
හැබැයි ඉතින් ලැබ් එක ඇතුළේ ටෙස්ට් වලින් ලකුණු ගත්තට, ඇත්තටම ෆෝන් එක අතට අරන් පාවිච්චි කරද්දී (විශේෂයෙන්ම අපේ ලංකාවේ තියෙන රස්නෙත් එක්ක) මේ අලුත් Exynos එක රත් නොවී තියෙයිද කියන එක නම් තාමත් ලොකු ප්රශ්නයක් බං!..
⠀
උඹලට මොකද හිතෙන්නේ? කොච්චර ස්පීඩ් කිව්වත් ලක්ෂ ගාණක් දීලා ගන්න S27 Ultra එකකට Snapdragon නැතුව Exynos එනවට උඹලා කැමතිද?
TECH SONA
