ඇමෙරිකාවේ AI සහ Technology,

Mic
By Mic

සමාගම්වල කොටස් මිල පසුගිය ඔක්තෝබර් මාසයේදී දැඩි ලෙස පහත වැටීමත් සමඟ, එහි බලපෑම සමස්ත කොටස් වෙළෙඳපොළට පැතිර යාමේ අවදානමක් මතුව තිබෙනවා. Reuters විශ්ලේෂණයකට අනුව, S&P 500 දර්ශකයේ Technology Sector පසුගිය ඔක්තෝබර් මාසයේදී 6.8%කින් පහත වැටී ඇති අතර, එය 2025 මාර්තු මාසයෙන් පසු වාර්තා වූ විශාලතම මාසික පහත වැටීමයි.

Alphabet, Amazon සහ Intel වැනි සමාගම්වල මූල්‍ය ප්‍රතිඵලත්, AI සඳහා වැය කරන දැවැන්ත ආයෝජනවලින් අපේක්ෂිත ලාභ ලැබේද යන සැකයත් මෙම තත්ත්වයට බලපා තිබෙනවා. Technology Sector එක S&P 500 දර්ශකයේ 38%ක පමණ බරක් දරන නිසා එම සමාගම්වල කොටස් මිල වෙනස්වීම පුළුල් ආයෝජන අරමුදල් සහ විශ්‍රාමික ඉතුරුම්වල වටිනාකමටත් බලපෑ හැකියි.

කෙසේවෙතත්, ඔක්තෝබර් මාසයේදී S&P 500හි ප්‍රධාන අංශ 11න් 9ක් වර්ධනය වී තිබෙන අතර සමස්ත දර්ශකයේ පහත වැටීම 1%ට අඩුවෙන් පැවතුණා. Reuters පෙන්වා දෙන්නේ AI සමාගම් ඉදිරියේදී Data Centers සහ අනෙකුත් AI යටිතල පහසුකම් සඳහා කරන වියදම් සැලකිය යුතු ලෙස අඩු කළහොත්, එහි බලපෑම තාක්ෂණික ක්ෂේත්‍රයෙන් ඔබ්බට පැතිර යා හැකි බවයි.

Red Bunny

Share This Article