සයිබර් අපරාදකරුවන් පරිගණක පද්ධතිවල ආරක්ෂක දුර්වලතා (Vulnerabilities) සොයාගැනීම සහ ඒවා ඉලක්ක කර ප්‍රහාරක කේත (Exploit Code) නිර්මාණය කිරීම පෙරට වඩා පහසු වී ඇති බව Microsoft සමාගමේ AI Security ප්‍රධානී David Weston අනතුරු අඟවා තිබෙනවා. මේ නිසා සයිබර් ප්‍රහාර සඳහා අවශ්‍ය කාලය සහ වියදම සැලකිය යුතු ලෙස අඩුවෙමින් පවතින බවයි ඔහු පෙන්වා දෙයි.
Microsoft සිදුකළ අභ්‍යන්තර පරීක්ෂණයකදී AI පද්ධතියක් භාවිතයෙන් Linux Kernel ආරක්ෂක දුර්වලතා 200කට ආසන්න සංඛ්‍යාවක් හඳුනාගෙන, ඒවායින් 182ක් සඳහා ස්වයංක්‍රීයව Proof-of-Concept කේත නිර්මාණය කිරීමට හැකි වී තිබෙනවා. මෙවැනි පරීක්ෂණයක් සඳහා සාමාන්‍යයෙන් වැයවී තිබුණේ විනාඩි 21ක් සහ ඩොලර් 3.61ක් පමණයි. කෙසේවෙතත්, මේවා Microsoft විසින් පාලිත පරිසරයක සිදුකළ ආරක්ෂක පර්යේෂණ මිස සැබෑ අපරාධකරුවන් කළ ප්‍රහාර නොවෙයි.
මෙම තත්ත්වය හමුවේ Cybersecurity කණ්ඩායම්ද AI තාක්ෂණය භාවිතයෙන් ආරක්ෂක දුර්වලතා කලින් හඳුනාගැනීම, වඩාත් ආරක්ෂිත Software නිර්මාණය කිරීම සහ ප්‍රහාරවලට එරෙහිව කඩිනමින් ක්‍රියාත්මක වීම අවශ්‍ය බව Weston අවධාරණය කරනවා.
Red Bunny
