2026 නොවැම්බර් 1 වැනිදා,

Mic
By Mic

දකුණු කොරියාවේ Yonsei University හිදී AI යුගයේ පුද්ගලික දත්ත ආරක්ෂා කිරීම සහ ඒවා භාවිත කිරීම අතර නිවැරදි සීමාව කොහෙද කියන ප්‍රශ්නය ගැන විශේෂ මහජන සාකච්ඡාවක් පැවැත්වුණා. South Korea Ministry of the Interior and Safety සහ Personal Information Protection Commission එක්ව සංවිධානය කළ මේ වැඩසටහනට සාමාන්‍ය ජනතාව සහ විශේෂඥයන් ඇතුළු 200කට ආසන්න පිරිසක් එක්ව තිබෙනවා.

AI සේවාවන් වැඩි වැඩියෙන් පුද්ගලික දත්ත භාවිත කරමින් personalized services ලබාදෙන නිසා, පරිශීලකයාගෙන් සෑම අවස්ථාවකම අවසර ගන්න ඕනද, නැත්නම් කලින් දැනුම්දී ඕනෑම වෙලාවක ඉවත් වීමේ හැකියාවක් ලබාදීම ප්‍රමාණවත්ද කියන කරුණු මෙහිදී සාකච්ඡා කර තිබෙනවා. AI assistants සහ වෙනත් AI systems අතර දත්ත හුවමාරු වන විට privacy එක රැකගන්නේ කොහොමද කියන ප්‍රශ්නයත් ප්‍රධාන මාතෘකාවක් වුණා.

දකුණු කොරියානු රජය මේ මහජන අදහස් සහ විශේෂඥ නිර්දේශ, AI යුගයට ගැළපෙන ලෙස පුද්ගලික දත්ත ආරක්ෂණ නීති සහ ප්‍රතිපත්ති සංශෝධනය කිරීමේදී භාවිත කිරීමට සැලසුම් කර තිබෙනවා. PIPC දැනටමත් AI සඳහා දත්ත භාවිතය සහ privacy ආරක්ෂාව අතර balance එකක් සොයමින් නව policy direction එකක් සකස් කරමින් සිටිනවා.

මේ සාකච්ඡාවෙන් මතුවන ප්‍රධාන ප්‍රශ්නය සරලයි — AI වැඩි වැඩියෙන් අපේ දත්ත භාවිත කරන ලෝකයක, පහසුකම් ලබාගන්න අතරම අපේ පුද්ගලිකත්වය කොච්චර දුරට ආරක්ෂා කරගන්න පුළුවන්ද?

Red Bunny

Share This Article