“MacBooks වලට කවදාවත් Touch Screen දෙන්නේ නෑ” කියපු Apple සමාගම තමන්ගේ ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම වෙනස් කරලා, ඔවුන්ගේ පළමු නිල ටච් ස්ක්‍රීන් ලැප්ටොප් එක වෙන MacBook Pro with PROLED XDR Display නිල වශයෙන් එළිදක්වලා තියෙනවා.
මේ අලුත්ම මෘගයාගේ තියෙන සුපිරිම Features සහ විස්තර ටික මෙන්න බලන්නකෝ:
PROLED XDR Display & Multi-Touch ![]()
මෙයට පාවිච්චි කරලා තියෙන්නේ Tandem OLED කියන සුපිරිම ස්ක්‍රීන් තාක්ෂණයයි. ඒ නිසා කළු පැහැය ඉතාම ගැඹුරින් (Deep blacks) බලාගන්න පුළුවන් වගේම එළිමහනේදී වුණත් 2,000 nits දක්වා උපරිම Brightness එකක් ලැබෙනවා. iPad එකක වගේම ඉතාම Smooth විදිහට content ඇදගෙන යන්න (dragging), Pinch to zoom කරන්න මේ ස්ක්‍රීන් එකට පුළුවන්.
Touch-Friendly macOS & New Hinge ![]()
Apple සමාගම ඔවුන්ගේ macOS එක මේ ටච් සිස්ටම් එකට ගැලපෙන විදිහට වෙනස් කරලා තියෙනවා. අපි ඇඟිල්ලෙන් ස්ක්‍රීන් එක ටච් කරද්දී Menus සහ Buttons ඉබේම තරමක් ලොකු වෙලා පැහැදිලිව පේන්න ගන්නවා. ඒ වගේම ටච් කරද්දී ස්ක්‍රීන් එක හොලවෙන්නේ නැති වෙන්න අලුත්ම Hinge (සන්ධියක්) හඳුන්වා දීලා තියෙනවා.
Dynamic Island සහ බර අඩු නිමාව
iPhone වල තියෙන Dynamic Island එක දැන් MacBook එකටත් ඇවිත්! සිරි (Siri), Live activities ඔක්කොම දැන් මේකෙන් බලාගන්න පුළුවන්. ඒ වගේම පරණ MacBook Pros වලට වඩා මේක සෑහෙන්න සිහින් (Slim) වගේම බරත් සෑහෙන්න අඩු කරලයි තියෙන්නේ. තව එකක්… පිටුපස තියෙන Apple Logo එක නැවතත් ලස්සනට දිලිසෙනවා (Glowing Logo)!
M5 Pro සහ M5 Max මෘග ප්‍රොසෙසර්ස්
මේ ලැප්ටොප් එක බලගැන්වෙන්නේ Apple සමාගමේ අතිශය බලසම්පන්න M5 Pro සහ M5 Max Chips වලින්. බරපතල 3D වැඩ, Video Editing වගේම AI මාදිලි (AI Models) පරිගණකය ඇතුළෙම රන් කරන්න මේවට පුළුවන්. බැටරි ලයිෆ් එකත් පැය 24ක් දක්වා පවතිනවා!
මිල ගණන් (Pricing):
නොවැම්බර් 6 වෙනිදා ඉඳන් ලෝකය පුරා විකිණීම ආරම්භ වන මේ ලැප්ටොප් එක සාමාන්‍ය එකකට වඩා $400ක් විතර මිලෙන් වැඩියි.
• 14-inch Model (M5 Pro): $2,899 සිට
• 16-inch Model (M5 Max): $3,399 සිට
ඉතින් , ලැප්ටොප් එකක Touch Screen තියෙන එක ඔයාලට වැඩක් වෙයිද? නැත්නම් Trackpad එකම ඇතිද? Comment එකක් දාලා කියන්න!
Threejay Coms
