සමඟ සජීවී Voice සහ Video Call අත්දැකීමක් ලබාගැනීමට හැකි Muse Voice පහසුකම ඇමෙරිකාවේ පරිශීලකයන්ට හඳුන්වා දී තිබෙනවා. නොවැම්බර් 5 වැනිදා නිවේදනය කළ මෙම පහසුකම හරහා පරිශීලකයන්ට AI Assistant එක සමඟ සාමාන්‍ය කෙනෙකුට කතා කරන ආකාරයෙන් සංවාද පැවැත්වීමට හැකි අතර, එයට මුහුණේ ඉරියව් සහ අංගචලන මඟින් ප්‍රතිචාර දක්වන Animated Avatar එකක්ද එක්කර තිබෙනවා. Avatar එකේ පෙනුම වෙනස් කිරීමටත්, විවිධ Voice Styles සිය ගණනක් අතරින් කැමති හඬක් තෝරාගැනීමටත් හැකියාව ලැබෙනවා.
Muse Realtime Voice සහ Realtime Avatar තාක්ෂණයන් මත ක්‍රියාත්මක වන මෙම පහසුකම හරහා AI එක කතා කරමින් සිටින අතරතුර පරිශීලකයාට ප්‍රශ්නයක් ඇසීමට හෝ සංවාදයට මැදිහත් වීමටත් පුළුවන්. Mobile, Web සහ Mac හරහා දැනට ඇමෙරිකාවේ ලබාදෙන මෙම අත්දැකීම ඉදිරියේදී Meta AI Glasses සහ Muse Charm උපාංගයටත් එක් කිරීමට සැලසුම් කර තිබෙනවා. කෙසේවෙතත්, මෙය AI Avatar එකක් සමඟ සිදුකරන වීඩියෝ සංවාදයක් මිස AI එකට පරිශීලකයාගේ මුහුණ සජීවීව දැකගත හැකි සාමාන්‍ය Video Call එකක් නොවන බවත් සැලකිය යුතුයි.
Red Bunny
