හැමදාම කියපු කතාවක් තමයි “මොන Wireless Earbuds ආවත්, Wired Headset එකකින් එන සුපිරි සවුන්ඩ් කොලිටිය ගන්න බෑ” කියන එක. මොකද සාමාන්‍ය Bluetooth වල වේගය (Bandwidth) සීමිත නිසා, සින්දුවක තියෙන සියුම් ශබ්ද තරංග කපලා (Compress කරලා) තමයි කනට එවන්නේ.
හැබැයි ඒ සීමාව සම්පූර්ණයෙන්ම බිඳ දමමින්, Tom’s Hardware හරහා අලුත්ම Bluetooth High Data Throughput (HDT) ප්‍රමිතියේ තාක්ෂණික විස්තර නිල වශයෙන් හෙළි කරලා තියෙනවා! ![]()
මෙන්න මේ අලුත්ම Bluetooth HDT තාක්ෂණයේ තියෙන පිස්සු හැදෙන විශේෂාංග:
1. 7.5 Mbps දක්වා වූ අධිවේගී Bandwidth එකක්! ![]()
දැනට තියෙන සාමාන්‍ය Bluetooth LE Audio වල උපරිම වේගය 2 Mbps වගේ ඉතා අඩු අගයක්. හැබැයි අලුත් Bluetooth HDT තාක්ෂණය හරහා ඒ වේගය 7.5 Mbps දක්වා කිහිප ගුණයකින්ම වැඩි කරලා තියෙනවා. මේ නිසා විශාල දත්ත ප්‍රමාණයක් කිසිම බාධාවකින් තොරව ගුවනින් යවන්න පුළුවන්.
2. True Uncompressed & Lossless Audio (ස්ටුඩියෝ මට්ටමේ ශබ්දය) ![]()
වේගය වැඩි නිසා තවදුරටත් ශබ්ද දත්ත සම්පීඩනය (Audio Compression) කරන්න ඕනේ වෙන්නේ නැහැ. 24-bit/96kHz හෝ ඊටත් වඩා ඉහළ True Uncompressed Lossless Audio (FLAC, WAV වැනි) සෘජුවම ඔයාගේ PC එකෙන් හෝ Phone එකෙන් Wireless Headphones වලට ලබාගන්න පුළුවන්.
3. Gamers ලාට 0% Audio Lag (Ultra-Low Latency) ![]()
Gaming කරද්දී Bluetooth Earbuds පාවිච්චි කරන අයට තියෙන ලොකුම ප්රශ්නය තමයි වෙඩි තියන සද්දේ පරක්කු වෙලා ඇහෙන එක (Latency). Bluetooth HDT වල තියෙන අධිවේගී දත්ත හුවමාරුව නිසා මේ පමාව සම්පූර්ණයෙන්ම වගේ නැති වෙලා, ක්ෂණික ශබ්ද ප්‍රතිචාරයක් ලැබෙනවා.
4. PC සහ Smartphones දෙකටම සපෝට්!
මේ අලුත් ප්‍රමිතිය ඉදිරියේදී එන නවීනතම Smartphones, Laptops, සහ Desktop Motherboards වලට ඇතුළත් වීමට නියමිත අතර, ඒ හරහා මුළු Wireless Audio ලෝකයම අලුත් යුගයකට යනවා නිසැකයි!
වයර් පටලවාගන්නේ නැතුව Wired Headset එකක තියෙන සුපිරිම Sound Quality එක දෙන මේ Bluetooth HDT තාක්ෂණය ගැන ඔයාලා මොකද හිතන්නේ?
Threejay Coms
