උඹ හැමදාම රෑට PC එක “Shut Down” කරලා නිදාගත්තට, ඇත්තටම උඹේ Windows 11 PC එක සති ගාණකින් හරියට Off වෙලා නෑ කියලා දන්නවද?

Mic
By Mic

විශ්වාස නැත්නම් දැන්ම Ctrl + Shift + Esc ගහලා Task Manager ගිහින් Performance -> CPU වල යටම තියෙන “Up time” එක බලපන්. ඊයේ රෑ Off කරපු PC එකේ Days: 12 වගේ ගාණක් පෙන්නන්නේ අන්න ඒ නිසයි!….

මේක පිටිපස්සේ තියෙන ඇත්තම තාක්ෂණික සීන් එක මේකයි :

01. Shut Down කියන්නේ ඇත්තටම Hybrid Hibernate එකක්

Windows 11 වල Default ම Fast Startup (Hiberboot) කියන ඔප්ෂන් එක ඔන් වෙලා තියෙන්නේ. උඹ Shut Down ඔබපු ගමන් Windows එකෙන් උඹේ Apps ටික වහලා Log out කරනවා. හැබැයි සිස්ටම් එකේ මොළය වෙන Kernel session එකයි, Drivers ටිකයි සම්පූර්ණයෙන්ම අයින් කරන්නේ නැතුව, ඒ තත්ත්වය එහෙම්මම C: Drive එකේ තියෙන hiberfil.sys කියන ෆයිල් එකට සේව් (Hibernate) කරලා PC එක Off කරනවා. ඊළඟ දවසේ On කරද්දි මුල ඉඳන් Load වෙනවා වෙනුවට ඒ සේව් කරපු ෆයිල් එක කෙලින්ම RAM එකට අදිනවා.

02. 2026 NVMe SSD යුගයේ මේකෙන් ඇති වැඩේ මොකක්ද?

Microsoft එක මේක හඳුන්වා දුන්නේ 2012 දී (Windows 8 එක්ක), පරණ Mechanical Hard Disk (HDD) වල PC එක On වෙන්න විනාඩි ගාණක් යන එක අඩු කරන්න. හැබැයි අද එන Gen 4 / Gen 5 NVMe SSD එක්ක සම්පූර්ණ Cold Boot එකක් යන්නෙත් තත්පර කීපයයි.

හැබැයි මේකෙන් වෙන ලොකුම අවුල “SSD එක ඉක්මනට සවුත්තු වෙනවා” කියන පරණ කටකතාව නෙවෙයි (අලුත් SSD වලට ඒ Write ප්‍රමාණය ගාණක්වත් නෑ). ඇත්තම අවුල තමයි, Kernel එක කවදාවත් Reset නොවෙන නිසා පරණ Driver බග්ස්, RAM leaks, Wi-Fi/Bluetooth හිරවීම්, සහ සමහර Windows Updates හරියට ඇප්ලයි නොවී PC එක ලැග් වෙන්න ගන්න එක. ඒ වගේම Linux Dual-boot කරනවා නම් NTFS ඩ්‍රයිව් ලොක් වෙලා Corrupt වෙන්නත් මේක හේතු වෙනවා.

03. හරියටම PC එක Fresh කරගන්නේ කොහොමද?

ඉක්මන්ම ක්‍රමය තමා PC එක අවුල් වගේ දැනුණොත් Shut Down නොකර Restart දීපන්. Restart කරද්දි විතරයි Windows එක Fast Startup මගඇරලා Kernel එක 100%ක්ම මුල ඉඳන් අලුතින් Load කරන්නේ. (එක පාරක් විතරක් Full Shut Down කරන්න ඕන නම් Shift ඔබාගෙන Shut Down ක්ලික් කරපන්).

සදහටම අයින් කරන්න නම් Win + R ගහලා powercfg.cpl ගහලා Enter කරපන් -> වම් පැත්තේ Choose what the power buttons do -> උඩින් Change settings that are currently unavailable ක්ලික් කරලා -> “Turn on fast startup” ටික් එක අයින් කරලා Save කරපන්.

Desktop PC එකක Storage බේරගන්න ඕන නම් Terminal (Admin) එකේ powercfg /h off ගැහුවම Fast Startup එක්කම hiberfil.sys ෆයිල් එකත් මැකිලා යනවා. (ලැප්ටොප් පාවිච්චි කරනවා නම් බැටරි බැස්සම වැඩ ටික සේව් වෙන්න Hibernate ඕන නිසා Control Panel ක්‍රමේ පාවිච්චි කරපන්).

දැන්ම Task Manager එකට ගිහින් බලපන් උඹේ PC එකේ CPU Up Time එක දවස් කීයද පෙන්නන්නේ කියලා!.. කමෙන්ට් එකක් දාහන්

TECH SONA

Share This Article