පරණ Hard Disk එකක්,

Mic
By Mic

Pen Drive එකක් හරි ලැප් එකක් හරි විකුණන්න කලින්, එහෙමත් නැත්නම් යාළුවෙක්ට දෙන්න කලින් උඹ කරන්නේ “Quick Format” පාරක් ගහලා දෙන එකද? 💀 එහෙනම් බං උඹේ පර්සනල් ෆොටෝස්, වීඩියෝස්, ඩොකියුමන්ට්ස් ඔක්කොම නොමිලේම අනුන්ගේ අතට දීලා ඉවරයි..!

ලංකාවේ 95%ක්ම තාම හරියට නොදන්න Data Deletion වල ඇත්තම තාක්ෂණික කතාව මේකයි :

01. Quick Format කරාට ෆයිල්ස් මැකෙන්නේ නෑ!…

පිටු 500ක පොතක ඉස්සරහම තියෙන “පටුන” ඉරලා විසි කරා කියලා ඇතුළේ තියෙන පිටු 500 මැකෙන්නේ නෑනේ? Quick Format එකකදී වෙන්නෙත් හරියටම ඒකයි. Windows එකෙන් කරන්නේ ඩ්‍රයිව් එකේ තියෙන File System Index එක (NTFS MFT / FAT Pointers) මකලා, ඒ ඉඩ “අලුත් ෆයිල් දාන්න පුළුවන්” කියලා ලකුණු කරන එක විතරයි.

උඹේ ෆොටෝස්/වීඩියෝස් වල ඇත්තම ඩේටා ඒ විදිහටම ඩ්‍රයිව් එක ඇතුළේ තියෙනවා. ඒක ගත්ත එකාට නොමිලේ තියෙන Recuva, PhotoRec, Disk Drill වගේ සාමාන්‍ය Recovery සොෆ්ට්වෙයා එකකින් විනාඩි 5න් උඹේ මුළු ඉතිහාසෙම එළියට ගන්න පුළුවන්.

02. HDD / Pen Drive / SD Card ආපහු ගන්න බැරි වෙන්න මකන්නේ කොහොමද? (Zero-Fill)

ඩේටා සදහටම මකන්න නම් ඒ හැම සෙක්ටර් එකක් උඩින්ම අලුතින් බිංදු (0) ලියන්න ඕනේ. මේකට තමයි Zero-Fill (Overwriting) කියන්නේ.

ලේසිම ක්‍රමය Windows වල Format කරද්දි “Quick Format” ටික් එක අයින් කරලා Full Format දීපන්. (Windows 10/11 වල Full Format එකකින් කෙලින්ම Single-Pass Zero-Fill එකක් වෙනවා).

Pro ක්‍රමය තමයි Command Prompt (Admin) ගිහින් diskpart -> list disk -> select disk X (උඹේ ඩ්‍රයිව් එකේ අංකය පරිස්සමෙන් තෝරපන්!) -> clean all ගහපන්. මේකෙන් මුළු ඩ්‍රයිව් එකේම හැම බිට් එකකටම බිංදු ලියලා සම්පූර්ණයෙන්ම සුද්ද කරලා දානවා. (පරණ කාලේ වගේ 7 පාරක් 35 පාරක් මකන්න ඕන නෑ, අද කාලේ ඩ්‍රයිව් වලට එක පාරක් Zero-Fill කරන එක 100%ක් ඇති).

03. SSD (NVMe / SATA) වලට Zero-Fill කරන්න එපා!…

SSD වල වැඩ කරන විදිහ (Wear Leveling & Over-provisioning) හාඩ් ඩිස්ක් වලට වඩා වෙනස්. SSD එකකට Zero-Fill කරොත් SSD එකේ ආයු කාලය අපරාදේ ගෙවෙනවා විතරක් නෙවෙයි, Controller එකෙන් හංගලා තියෙන සමහර බ්ලොක්ස් මැකෙන්නේ නැතුව ඉතුරු වෙන්නත් පුළුවන්.

Internal SSD එකක් Quick Format කරද්දි Windows වලින් TRIM කමාන්ඩ් එක යවලා ඩේටා ක්ලීන් කරනවා තමයි. හැබැයි 100%ක්ම ෂුවර් කරගන්න ඕන නම්, SSD එක විකුණන්න කලින් BIOS එකෙන් හරි, බ්‍රෑන්ඩ් එකේ සොෆ්ට්වෙයා එකෙන් හරි (Samsung Magician, Kingston SSD Manager වගේ) Secure Erase / Sanitize පාරක් දීපන්.

එහෙමත් නැත්නම් Windows වල BitLocker ඔන් කරලා තිබ්බා නම්, Format කරපු ගමන් Encryption Key එක මැකෙන නිසා කාටවත් ආයේ ඒ ඩේටා කියවන්න බෑ.

ඇත්තම කියපන්, උඹත් කලින් Quick Format විතරක් ගහලා පරණ Pen, SD Card, Hard Disk අනුන්ට දීලා තියෙනවද?

TECH SONA

Share This Article