AI Code Editor එකක් වන Cursor හි හිමිකාරීත්වය දරන Anysphere සමාගම,

Mic
By Mic

ලොව ප්‍රමුඛතම AI Code Editor එකක් වන Cursor හි හිමිකාරීත්වය දරන Anysphere සමාගම, ඇමරිකානු ඩොලර් බිලියන 60ක දැවැන්ත මුදලකට මිලදී ගැනීමට තමන් පියවර ගත් බව SpaceX සමාගම නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.. මෙම සම්පූර්ණ ගනුදෙනුව සිදු වන්නේ කොටස් හුවමාරු ක්‍රමවේදයක් (all-stock transaction) මගිනි..

මෙම මිලදී ගැනීම, 2026 අප්‍රේල් මාසයේදී සමාගම් දෙක අතර ඇති කරගත් විශේෂ හවුල්කාරිත්වයක ප්‍රතිඵලයකි. එම මුල් ගිවිසුමට අනුව, SpaceX සමාගමට Cursor AI ආයතනය ඩොලර් බිලියන 60කට සහමුලින්ම මිලදී ගැනීමේ අයිතිය හෝ ඩොලර් බිලියන 10ක සහයෝගීතා විකල්පයක් (Collaboration Alternative) හිමිව තිබුණා. ඒ අනුව SpaceX සමාගම විසින් මෙහිදී පළමු විකල්පය තෝරාගෙන ඇත.. මෙම බිලියන 60 ගනුදෙනුව 2026 වසරේ 3 වන කාර්තුව ඇතුළත සහමුලින්ම අවසන් කිරීමට අපේක්ෂා කෙරේ..

අප්‍රේල් මාසයේ සිට SpaceX (xAI) සහ Cursor කණ්ඩායම් එක්ව SpaceX සතු “Colossus” සුපිරි පරිගණක යටිතල පහසුකම් භාවිත කරමින් නව AI Models පුහුණු කරමින් සිටියේ.. මෙම සහයෝගීතාවයෙන් බිහිවන නවතම AI Models ඉදිරියේදී Cursor හරහා සහ Grok Build හරහා පරිශීලකයන් වෙත නිකුත් කිරීමට නියමිතයි.. Software Development සහ Knowledge Work වෙනුවෙන් ලොව වඩාත්ම ප්‍රයෝජනවත් AI Models නිර්මාණය කිරීම මෙහි ඉලක්කයයි..

මෙම මිලදී ගැනීමෙන් පසුව වුවද Cursor මෘදුකාංගය වසා නොදමන අතර, එය SpaceX සමාගමට අනුබද්ධිත ආයතනයක් ලෙස සිය සුපුරුදු මෙහෙයුම් කටයුතු අඛණ්ඩව කරගෙන යනු ඇත. Anthropic සහ OpenAI වැනි ප්‍රතිවාදීන් සමඟ තරඟ කිරීමට සහ SpaceX හි කෘත්‍රිම බුද්ධි අංශය (xAI) තවදුරටත් ශක්තිමත් කිරීමට මෙම පියවර විශාල රුකුලක් වනු ඇතැයි ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පවසති.

Dinith Maleesha

Share This Article