AI වලින් සින්දු හදලා සල්ලි හොයන අයට Bad News එකක්! Platforms ලොකු තීරණයක් අරන්…

Mic
By Mic

Suno වගේ AI ටූල්ස් පාවිච්චි කරලා ලේසියෙන්ම සින්දු හදලා Spotify, Apple Music වලට දාලා සල්ලි හොයන්න හිටපු අයට දැන් ඒක ටිකක් අමාරු වෙන්නයි යන්නේ.

📌 මොකක්ද මේ අවුල?

• Deezer, Qobuz වගේ platforms වලින් මේ වෙනකොටත් AI වලින් හදපු සින්දු වලට සල්ලි ගෙවන එක (monetization) නතර කරලා තියෙනවා. විශේෂයෙන්ම Deezer එකෙන් AI සින්දු වලින් 85%කටම ගෙවන එක නතර කරලා!

• මේ AI සින්දු, සාමාන්‍ය මිනිස්සුන්ට recommendation වල පෙන්නන එක සහ playlists වලට දාන එකත් මේ platforms වලින් නවත්තලා දාලා තියෙන්නේ.

• මෙයාලත් අලුත් නීති ගෙනත් තියෙනවා. Spotify එකෙන් දැනටමත් spammy AI tracks මිලියන 75ක් අයින් කරලා.

• එක දවසකට Deezer එකට විතරක් අලුතින් AI සින්දු 75,000ක් අප්ලෝඩ් වෙනවා. හැබැයි මිනිස්සු ඒවා අහන්නේ 1-3%ක් විතරයි.

YouTube එකේ නම් තාමත් AI සින්දු දාන්න පුළුවන්, හැබැයි අනිවාර්යයෙන්ම ඒක AI එකක් කියලා Disclosure එකක් දාන්න ඕනේ. නැත්නම් චැනල් එකේ සල්ලි හම්බවෙන එක නවතින්න පුළුවන්.

උපුටා ගැනීම : TECH SONA

Share This Article