වාර්තාවකට අනුව, චීනයේ Alibaba සමාගම සහ එහි Qwen AI lab සමඟ සම්බන්ධ ක්‍රියාකාරීන් පිරිසක් විසින් Claude AI මාදිලිය ඉලක්ක කර ගනිමින් දැවැන්ත දත්ත ලබාගැනීමේ මෙහෙයුමක් දියත් කර තිබෙනවා..
2026 අප්‍රේල් 22 සහ ජූනි 5 අතර කාලය තුළ Fake accounts 25,000ක් පමණ භාවිතා කරමින් ඔවුන් Claude වෙතින් Requests මිලියන 28.8ක් පමණ සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.. මෙහිදී ඔවුන් වඩාත්ම අවධානය යොමු කර ඇත්තේ Claude සතු Agentic reasoning සහ Software engineering වැනි උසස් තාක්ෂණික කුසලතාවන් පිළිබඳවයි..
Anthropic සමාගම විසින් ජූනි 10 වනදා ඇමරිකානු සෙනෙට් සභිකයන් වෙත යොමු කරන ලද ලිපියක සඳහන් කර ඇත්තේ, මෙමඟින් ඔවුන් උත්සාහ කර ඇත්තේ Claude හි පවතින උසස් තර්කන රටාවන් සොරකම් කිරීමට බවයි.. ඇමරිකානු අපනයන සීමාවන් මඟහැර, Claude ට මුහුණ දිය හැකි Rival AI systems සංවර්ධනය කිරීම මෙහි ප්‍රධාන අරමුණ වී ඇත..
මෙම සිදුවීමත් සමඟ ජාත්‍යන්තර මට්ටමින් AI තාක්ෂණය වෙනුවෙන් පවතින දැඩි තරඟකාරීත්වය සහ AI model security මෙන්ම බුද්ධිමය දේපළ ආරක්ෂා කර ගැනීමේ අභියෝගය නැවතත් දැඩි කතාබහට ලක්ව තිබෙනවා. මේ හේතුවෙන් ඉදිරියේදී මෙවැනි ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා වඩාත් දැඩි අපනයන පාලනයන් සහ නීතිමය පියවරයන් ක්‍රියාත්මක කරන ලෙස Anthropic සමාගම රජයෙන් ඉල්ලා සිටිනවා..
උපුටා ගැනීම : Dinith Maleesha
