| Apple is reportedly paying Samsung $250 for every iPhone Duo OLED screen

Mic
By Mic

Apple සමාගම සිය ප්‍රථම නම්‍යශීලී ජංගම දුරකථනය වන iPhone Duo හි අභ්‍යන්තර foldable OLED panel එකක් සඳහා Samsung සමාගම වෙත ඇමරිකානු ඩොලර් 250ක පමණ මුදලක් ගෙවන බව වාර්තා වනවා. වසර 3ක සුවිශේෂී සැපයුම් ගිවිසුමක් (three-year exclusive supply deal) යටතේ මෙම ගනුදෙනුව සිදුවන අතර, ඒ අනුව iPhone Duo උපාංගයේ අඩංගු වඩාත්ම මිල අධිකම අමතර කොටස බවට පත්ව ඇත්තේ ද මෙම තිරයයි.

මීට අමතරව මෙහි පිටත අඟල් 5.4ක තිරය වෙනුවෙන් ද ඇමරිකානු ඩොලර් 80ක පමණ මුදලක් වැයවන බව සඳහන්. Samsung සමාගමේ නවතම M16 OLED තාක්ෂණය යොදාගනිමින් නිපදවන එම තිරය 3,000 nits දක්වා උපරිම දීප්තියක් (peak brightness) ලබා දීමට සමත්. උසස් ප්‍රමිතියෙන් යුතු නම්‍යශීලී තිර මහා පරිමාණයෙන් සැපයීමේ හැකියාව පවතින එකම ආයතනය Samsung Display වීම හේතුවෙන් මෙම සුවිශේෂී කොන්ත්‍රාත්තුව ඔවුන් සතු වී තිබෙනවා.

සාමාන්‍ය iPhone එකක සම්ප්‍රදායික OLED තිරයක් වෙනුවෙන් වැයවන ඩොලර් 70ක මුදල සමඟ සැසඳීමේදී, iPhone Duo හි අභ්‍යන්තර තිරය සඳහා පමණක් එහි ආරම්භක මිල වන ඩොලර් 1,999න් 12%ත් 13%ත් අතර ප්‍රතිශතයක් වැයවනවා. මෙම වසර තුළදී Apple සමාගම iPhone Duo මාදිලි මිලියන 5ක් පමණ අලෙවි කළහොත්, මෙම තිර සැපයුමෙන් පමණක් Samsung Display සමාගමට ඇමරිකානු ඩොලර් බිලියන 1.25ක දැවැන්ත ආදායමක් උපයා ගැනීමට හැකි වනු ඇති බවයි වෙළඳපොළ විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

විචාරකයා – The Reviewer

Share This Article