Gedara Wi-Fi Slow ද Router එකෙන් උපරිම Speed එක ගන්න මෙන්න මේ සරල Tricks 4 කරලා බලන්න

Mic
By Mic

Internet packages මොනවා තිබ්බත් වැඩක් නැහැ, අපේ ගෙදර තියෙන Router එක හරියට Setup වෙලා නැත්නම් Wi-Fi පට්ට slow වෙනවා. හැමෝම මුහුණ දෙන මේ ප්‍රශ්නෙට ලේසියෙන්ම කරන්න පුළුවන් දේවල් 4ක් මෙන්න 💥💬

1️⃣ රවුටරය මැදින් තියන්න (Central Location)

Router එක කාමරයක් අස්සේ, බිත්තියකට මුල්ලු කරලා හෝ පොළොව මට්ටමේ තියන්න එපා. ගෙදර හැම තැනටම සිග්නල් යන්න පුළුවන් මැද හරියක, සාලේ වගේ පොඩ්ඩක් උස තැනකින් තියන්න.

2️⃣ Wi-Fi Channels මාරු කරන්න (Change Wi-Fi Channel)

ඔයා වටේ තියෙන අනිත් ගෙවල් වල රවුටර් වල සිග්නල් නිසා ඔයාගේ එකේ සිග්නල් overlap (Interference) වෙන්න පුළුවන්. Router settings වලට ගිහින් Channel එක ‘Auto’ නැතුව 1, 6, හෝ 11 වගේ congestion අඩු channel එකකට දාන්න.

3️⃣ Dual-Band හරි විදිහට පාවිච්චි කරන්න (2.4 GHz vs 5 GHz)

🔸5 GHz:

රවුටරය ලඟම ඉන්නකොට පාවිච්චි කරන්න (Speed එක උපරිමයි, හැබැයි දුර යන්න බැහැ).

🔸2.4 GHz:

රවුටරයට වඩා ටිකක් දුරින් ඉන්නකොට පාවිච්චි කරන්න (Speed එක අඩුයි, හැබැයි බිත්ති හරහා වුණත් දුරට සිග්නල් යනවා).

4️⃣ Antennas හරියට හදන්න

ඔයාගේ රවුටරයට ඇන්ටෙනා 2ක් හෝ ඊට වඩා තියෙනවා නම්, එකක් කෙලින් (Vertical) සහ අනික හරහට (Horizontal) තියන්න. එතකොට ඕනෑම angle එකකින් ෆෝන් එක අල්ලන් හිටියත් සිග්නල් drop වෙන්නේ නැහැ.

💡 Bonus Tip

මාසෙකට සැරයක්වත් රවුටරය විනාඩියකට Turn Off කරලා ආයෙත් On (Reboot) කරන්න. ඒකෙන් රවුටරයේ memory එක clear වෙලා performance වැඩි වෙනවා.

ඔයාලගේ ගෙදරත් Wi-Fi slow නම් මේවා කරලා වෙනස බලන්න 👀 යාළුවන්ටත් බලන්න SHARE කරන්න. 📌

Follow us for more tech Update ✨🔔

උපුටා ගැනීම : TechPulse LK

Share This Article