Google එකෙන් මාසෙකට $920M ක් SpaceX එකට ගෙවනවා කියලා ඔයාලා දන්නවද?

Mic
By Mic

ඔව් Elon Muskගේ රොකට් යවන SpaceX සමාගමට තමයි Google එකෙන් මාසෙකට $920M ක් ගෙවන්නේ.. හැබයි දැන් SpaceX කියන්නේ Space related, රොකට් යවන company එකක් විතරක්ම නෙමෙයි. Elonගෙ AI සමාගමක් වෙන xAI එක, SpaceX සමඟ නිල වශයෙන් ඒකාබද්ධ වීමත් එක්ක SpaceX දැන් ලෝකයේ බලගතුම AI Infrastructure සපයන දැවැන්තයෙක් බවට පත්වෙලා තියෙනවා.. සරලවම කියනව නම් Google එකෙන් ගෙවන්නේ SpaceX යටතේ තියෙන xAI එකට..

ලෝකයේ Search engine ලොක්කා වෙන Google සමාගම පවා තමන්ගේ AI පද්ධති සඳහා පවතින අධික ඉල්ලුම දරාගත නොහැකිව, SpaceX සමාගමේ Data Centers කුලියට ගැනීමට ගිවිසුම්ගත වී තිබෙනවා..

Google එකෙන් ගෙවන මේ මුදල වෙනුවෙන් SpaceX සතු සුපිරි data center වල තියෙන බලගතු NVIDIA GPUs 110,000ක පමණ පරිගණක ධාරිතාවයක් භාවිතා කිරීමේ අවස්ථාව Google වෙත හිමිවෙනවා. 2029 දක්වා දිවෙන මේ සමස්ත ගිවිසුමේ වටිනාකම ඩොලර් බිලියන 30 ඉක්මවනවා..!

Google විතරක් නෙමෙයි Anthropic සමාගමත් SpaceX හි ‘Colossus 1’ data center එකේ සම්පූර්ණ ධාරිතාවය ලබාගන්න මාසිකව ඩොලර් බිලියන 1.25 ක් SpaceX වෙත ගෙවනවා..

ඉදිරියේදී සිදුවීමට නියමිත SpaceX හි දැවැන්ත IPO එකට පෙර, මේ AI ගනුදෙනු හරහා පමණක් SpaceX සමාගම මාසිකව ඩොලර් බිලියන 2කට වඩා වැඩි ආදායමක් උපයමින් සිටිනවා..

අඟහරු වලට මිනිස්සු යවන එකේ ඉඳන් AI ලෝකය දක්වා Elon Musk ගොඩනඟන මේ අධිරාජ්‍යය ගැන ඔයාලගේ අදහස මොකක්ද?

උපුටා ගැනීම: Dinith Maleesha

Share This Article