Google Earth වෙත,

Mic
By Mic

හඳුන්වා දුන් Nano Banana AI image generation feature එක හඳුන්වා දීලා පැය 24ක් යන්නත් කලින්, එය නැවත ඉවත් කරගැනීමට Google සමාගම පියවර ගෙන තිබෙනවා..

ලෝකය පිළිබඳ විශ්වාසනීය තොරතුරු ලබාදෙන වේදිකාවක් ලෙස Google Earth භාවිත වන නිසාත්, මෙම පහසුකම හරහා සකස් කළ ඇතැම් AI ඡායාරූප Google හි නීතිරීතිවලට පටහැනි ලෙස සමාජ මාධ්‍ය තුළ හුවමාරු වීම නිසාත් මෙම තීරණය ගත් බවයි Google සමාගම X හි සටහනක් තබමින් පවසන්නේ..

මෙම AI Feature එක හරහා Manhattan හි ගොඩනැගිල්ලකට ගුවන් යානයක් කඩා වැටීම, මොස්කව් නුවර සිදුවන බෝම්බ පිපිරීම්, ඉරානයේ න්‍යෂ්ටික බලගාර, මෙන්ම US–Mexico දේශසීමාවේ සරණාගතයින් සිටින ආකාරය වැනි දැඩි සංවේදී සහ අර්බුදකාරී සිදුවීම්වල ව්‍යාජ AI පින්තූර නිර්මාණය කිරීමට පරිශීලකයින් කටයුතු කර තිබෙනවා..

කෙසේ වෙතත්, මෙම AI මඟින් සාදන පින්තූර අනෙකුත් සාමාන්‍ය Google Earth පරිශීලකයින්ට ප්‍රධාන Maps මත නොපෙනුණු අතර, ඒවායේ AI-generated බව හැඟවෙන Watermark එකක්ද අඩංගු කර තිබූ බව Google සමාගම අවධාරණය කරනවා..

තවදුරටත් මීට වඩා දැඩි ආරක්ෂිත විධිවිධාන ඇතුළත් කරන තෙක් මෙම පහසුකම තාවකාලිකව අත්හිටුවීමට ඔවුන් තීරණය කර ඇති අතර, මෙවැනි විශ්වාසනීය මූලාශ්‍ර වෙත Generative AI එකතු කිරීමේදී සිදුවිය හැකි අවදානම් පිළිබඳව මෙම සිදුවීමත් සමඟ නැවතත් තාක්ෂණික ලෝකයේ දැඩි අවධානයක් යොමුව තිබෙනවා..

උපුටා ගැනීම: :Dinith Maleesha

Share This Article