Google Search Results මත,

Mic
By Mic

Click කිරීමේදී අදාළ වෙබ් අඩවියට සෘජුවම පිවිසීම වෙනුවට, අතරමැදි Redirect එකක් හරහා පරිශීලකයින්ව යොමු කිරීමේ නවතම තාක්ෂණික වෙනසක් Google සමාගම විසින් ක්‍රියාත්මක කරමින් පවතිනවා..

ඒ අනුව Search Results වල ඇති ලින්ක් මත ක්ලික් කළ විට, එය මුලින්ම google . com/goto? සහ Google පද්ධතියට පමණක් හඳුනාගත හැකි Hashed String එකක් හරහා ගොස් අවසාන වෙබ් පිටුවට ළඟා වන බවයි වාර්තා වන්නේ.. [google . com/goto?url=[hashURL] ]

අන්තර්ජාලය තුළ සිදුවන විවිධ අනිසි භාවිතයන් වැළැක්වීමේ තාක්ෂණික පියවරක් ලෙස Google මෙය හඳුන්වා දෙනවා.. ප්‍රායෝගිකව ගත් කල, මෙමඟින් තෙවන පාර්ශවීය Scrapers, Rank-tracking මෙවලම් සහ AI පද්ධති මඟින් Search Results පිටුවලින් සෘජු වෙබ් ලිපින ලබාගැනීම සැලකිය යුතු ලෙස අපහසු කරනු ලබනවා..

Nozzle වැනි SEO ආයතන විසින් සිදුකළ පරීක්ෂණවලට අනුව, 2026 අගෝස්තු අග වන විටත් residential IP පරාස රැසක් ආවරණය වන පරිදි මෙම යාවත්කාලීනය ක්‍රියාත්මක වී තිබෙනවා..

සාමාන්‍ය පරිශීලකයින්ට මෙම වෙනස පිටතින් නොපෙනෙන අතර, සාමාන්‍ය පරිදි වෙබ් පිටු Load වීම සිදුවනවා. කෙසේ වෙතත්, Link එකක් Copy කිරීමේදී හෝ Mouse එක Hover කිරීමේදි එහි නියම Destination URL එක කලින් දැකබලා ගැනීමට නොහැකි වීම මෙහි ඇති එක් අවාසියක්..

මේ නිසා Link එකක් මත Click කිරීමට පෙර එය Phishing හෝ Malware අඩංගු අඩවියක්දැයි පරීක්ෂා කිරීමේ හැකියාව සීමා වන බවට සයිබර් ආරක්ෂණ නිරීක්ෂකයින් පෙන්වා දුන්නද, තමන්ගේ ආරක්ෂණ පද්ධති මඟින් එවැනි හානිකර පිටු කල්තියා ඉවත් කරන බවයි Google පවසන්නේ..

සෘජු Result URLs මත පදනම් වූ ඇතැම් SEO සහ Analytics මෙවලම්වලට මෙම වෙනස නිසා තාවකාලික බාධා එල්ල වුවද, ඒවා පසුව යථා තත්ත්වයට පත් කරගෙන ඇති අතර Google Search Console දත්ත සඳහා මෙයින් බලපෑමක් එල්ල වන්නේ නැහැ..

2026 මැද භාගයේ සිට අත්හදා බලමින් ක්‍රමයෙන් ව්‍යාප්ත කරන මෙම පියවර, Scraping වැළැක්වීමට කෙතරම් සාර්ථක වේද නැතහොත් දත්ත රැස්කරන්නන් නව උපක්‍රම වෙත යොමු වේද යන්න ඉදිරියේදී දැකගත හැකි වනු ඇත..

Dinith Maleesha

Share This Article