JENSEN HUANG ආපහු ආවා..!

Mic
By Mic

NVIDIA එකේ Jensen Huang ගේ කතාව ඉවරයි කියලා ඔයාලා හිතුවා නේද..? 🥲

නෑ නෑ… කතාවේ සුපිරිම Twist එක ආවේ දැන් තමයි! 😼

ඊයේ (නොවැම්බර් 23) NVIDIA සමාගමේ Board of Directors ලා සියලුදෙනාගේ එකඟත්වයෙන් ඡන්දය දීලා, මීට දින 11කට කලින් CEO තනතුරෙන් ඉල්ලා අස්වුණු Jensen Huang ව ආයෙත් CEO, President සහ Board Director විදිහට පත් කරලා තියෙනවා. 🥹🔥

මේ News එකත් එක්ක NVIDIA Shares එක දවසක් ඇතුළත 30%කටත් වඩා ඉහළ ගියා. 🥵

ඉතින් මතකයි නේද මේ කතාව පටන් ගත්තේ කොහොමද කියලා..? 🫠

Alice Huang කියන චීන ව්‍යාපාරික කාන්තාවක් එක්ක Jensen ට තිබුණු අනියම් සම්බන්ධයක් ගැන වාර්තා එළියට ආවා.

ඇය කලින් Singapore හි Megaspeed International කියන සමාගමේ ප්‍රධාන පෙළේ නිලධාරිනියක්. මේ සමාගම NVIDIA AI Chips චීනයට නීති විරෝධීව යොමු කළාද කියන සැකය මත ඇමරිකානු බලධාරීන්ගේ පරීක්ෂණවලට ලක්වෙලා තිබුණා. 😬

ඒ අතරේ ඇමරිකානු බුද්ධි අංශ Alice Huang චීනයේ ඔත්තු සේවය සමඟ සම්බන්ධතා පවත්වා ඇති බවට සැක කරන බවටත් වාර්තා පළ වුණා.

මේ ප්‍රශ්න සහ තවත් පෞද්ගලික සම්බන්ධතා පිළිබඳ වාර්තා හේතුවෙන් Jensen නොවැම්බර් 12 වෙනිදා CEO තනතුරෙන් ඉල්ලා අස්වුණා.

NVIDIA එකේ CFO Colette Kress තාවකාලික CEO විදිහට පත් වුණා. 🤕

හැබැයි මේ කතාවේ සුපිරිම Twist එක මොකක්ද දන්නවද..? 👀

Jensen ආපහු CEO පුටුවට එද්දිම, NVIDIA Board එකෙන් නිල නිවේදනයක් නිකුත් කළා.

ඒ අනුව ඇමරිකානු රජයේ ඉහළ පෙළේ නිලධාරීන්ගෙන් ලැබුණු තොරතුරු සලකා බැලීමෙන් පස්සේ, Jensen ආපහු CEO තනතුරට පත් කිරීමෙන් National Security අවදානමක් ඇති වෙන්නේ නැහැ කියලා Board එක විශ්වාස කරනවාලු.

ඒ වගේම Board එක ඔහුගේ නායකත්වය ගැන නැවතත් විශ්වාසය පළ කරලා තියෙනවා. 🫡

හැබැයි මෙතනින් කතාව ඉවර නෑ..! 🗿

NVIDIA එකේ ස්වාධීන පරීක්ෂණය තවමත් ක්‍රියාත්මකයි.

ඒ විතරක් නෙවෙයි, Jensen දෙසැම්බර් 1 වෙනිදා ඇමරිකානු House Committees තුනක් ඉදිරියේ රහසිගත සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිටින්නත් නියමිතයි.

ඒ වගේම දෙසැම්බර් 3 වෙනිදා Senate Banking Committee එක ඉදිරියේ ප්‍රසිද්ධියේ සාක්ෂි ලබාදීමටත් නියමිතයි. 😳

චීනය නම් මේ ඔත්තු චෝදනා ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම Alice Huang ඇත්තටම චීන ඔත්තුකාරියක්ද කියන එක ගැනත් තවම නිල තීරණයක් නැහැ.

ඒ කියන්නේ මේ සියල්ල තවමත් විමර්ශනය වෙමින් පවතින කාරණා. 😪

**කෙටියෙන්ම කිව්වොත්…**

Jensen Huang ආයෙත් NVIDIA CEO පුටුවට ආවා. Stocks ඉහළ ගියා. හැබැයි ඔහු වටා තියෙන ඔත්තු චෝදනා, AI Chip ජාවාරම් සහ National Security ප්‍රශ්න තවමත් ඉවර නැහැ..! 👀🔥

**ඔයාලා හිතන්නේ Jensen ආපහු CEO වීමත් එක්ක NVIDIA එකේ මේ ප්‍රශ්න ඉවර වෙයිද..?**

Malaka Fernando

Share This Article