ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 5.5ක වෙළඳපල අගයක් (Market Cap) අත්පත් කර ගැනීමට Nvidia සමාගම සමත්ව තිබෙනවා. මෙය ගෝලීය මූල්‍ය ඉතිහාසයේ සමාගමක් මෙතෙක් ලබාගත් ඉහළම වටිනාකම ලෙස වාර්තා පොත් අතරට එක්වනවා.
Nvidia සමාගමේ මෙම නව වටිනාකම කොතරම් ප්‍රබල ද යත්, ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය යන රටවල් දෙක හැර ලොව සෙසු සෑම රටකම දළ දේශීය නිෂ්පාදිතයට (GDP) වඩා Nvidia හි වටිනාකම දැන් ඉහළ ගොස් තිබෙනවා. කෘතිම බුද්ධිය (AI) ක්ෂේත්‍රයේ පවතින දැවැන්ත ඉල්ලුම සහ Nvidia සතු තාක්ෂණික ආධිපත්‍යය මෙම අසමසම මූල්‍ය වර්ධනයට ප්‍රධානතම හේතුව වී ඇති බවයි ආර්ථික විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.
දැනට ලොව වටිනාම සමාගම් 5
NVIDIA – ඇ.ඩො ට්‍රිලියන 5.5
Alphabet (Google) – ඇ.ඩො ට්‍රිලියන 4.8
Apple – ඇ.ඩො ට්‍රිලියන 4.3
Microsoft – ඇ.ඩො ට්‍රිලියන 3
Amazon – ඇ.ඩො ට්‍රිලියන 2.9
උපුටා ගැනීම : The Sri COM
