ඔවුන්ගේ අලුත්ම පරම්පරාවේ ප්‍රමුඛතම AI model එක වන GPT-5.6 Sol හි Limited preview එකක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මීට අමතරව එදිනෙදා කාර්යයන් කාර්යක්ෂමව සිදු කරගත හැකි balanced model එකක් වන GPT-5.6 Terra සහ විශාල වැඩ කොටසක් වේගයෙන් හා අඩු පිරිවැයකින් සිදු කළ හැකි GPT-5.6 Luna ද මෙයට ඇතුළත් කරලා තියෙනවා.. ඉදිරි සති කිහිපය තුළ මෙම සියලුම මාදිලි Generally available සඳහා විවෘත කිරීමට සැලසුම් කර ඇත./
ඇමරිකානු රජයේ ඉල්ලීම පරිදි, දැනට Codex සහ API හරහා විශ්වාසවන්ත හවුල්කරුවන් සුළු පිරිසකට පමණක් මෙහි Limited preview ලබා දී තිබෙනවා..
GPT-5.6 Sol (Flagship Model එක) කියන්නේ ඔවුන්ගේ නව Flagship Model එක වන අතර GPT-5.5 ට වඩා බෙහෙවින් ඉහළ මට්ටමක පවතී. Planning, Iteration සහ Tool coordination අවශ්‍ය වන සංකීර්ණ Command-line ක්‍රියාවලීන් පරීක්ෂා කරන Terminal-Bench 2.1 හි නව වාර්තාවක් තැබීමට ද Sol සමත්ව ඇත. එමෙන්ම Cybersecurity ක්ෂේත්රයේ දුර්වලතා සෙවීම සහ Exploitation වැනි දිගුකාලීන ආරක්ෂක කාර්යයන් සඳහා මෙය නව මානයකට ඔසවා තබා ඇත.. (Competitor for Fable?
) මෙය වඩාත්ම ශක්තිමත් Safety stack එකකින් සමන්විත වන අතර, ඉහළ අවදානමක් සහිත සයිබර් ක්‍රියාකාරකම් සහ නැවත නැවත සිදුවන අවභාවිතයන්ට එරෙහිව මෙහි Real-time protections ශක්තිමත් කර ඇත. පද්ධතිය ශක්තිමත් කිරීම වෙනුවෙන් සති ගණනාවක් පුරා Human red teaming සහ පැය 700,000කට අධික A100-equivalent GPU Automated testing සිදු කර තිබෙනවා..
GPT-5.6 Terra (Balanced Model) එක GPT-5.5 ට සමාන දක්ෂතාවයක් පෙන්වන අතරම, එයට වඩා දෙගුණයක (2x) අඩු cost එකක් තියෙන කාර්යක්ෂම මොඩල් එකක්.
GPT-5.6 Luna (Cost-Efficient Model) එක ඔවුන්ගේ අඩුම පිරිවැයකින් යුත්, ඉහළ ධාරිතාවයකින් වැඩ කළ හැකි වඩාත්ම ආර්ථිකමය මාදිලිය වේ.
උපුටා ගැනීම : Dinith Maleesha
