ඇපල් සමාගම උන්ගෙ මේ අවුරුද්දේ ලොකුම ඉවෙන්ට් එක එන සැප්තැම්බර් 9 වෙනිදා “Apple’s Surprise and Shine event” කියන නමින් පවත්වන්න නිල වශයෙන් දින දීලා ඉවරයි. හැබැයි මේ ඉවෙන්ට් එක ඇපල් ඉතිහාසයේ ලොකුම කඩඉමක් වෙන්න ප්‍රධාන හේතු හතරක් තියෙනවා. Ming-Chi Kuo සහ Mark Gurman වගේ ලෝකෙම පිළිගත්ත ඇනලිස්ට්ලා ලීක් කරලා තියෙන ඒ පට්ටම රහස් ටික මෙන්න.
1. පළවෙනි නැවෙන iPhone එක (iPhone Ultra)
ඔව්, අවුරුදු ගාණක් කටකතා වලට විතරක් සීමා වෙච්ච ඇපල් ලගේ පළවෙනි Foldable ෆෝන් එක මේ ඉවෙන්ට් එකෙන් එළියට එනවා! මේකට “iPhone Ultra” කියලා නම වැටෙන්න ඉඩ තියෙනවා. මේකේ අඟල් 7.8ක ඇතුළත ඩිස්ප්ලේ එකක් සහ අඟල් 5.5ක පිටත ඩිස්ප්ලේ එකක් එනවා. විශේෂම දේ තමයි මේක දිග ඇරියම මිලිමීටර් 4.5ක් (4.5mm) වගේ පට්ටම තුනී ඩිවයිස් එකක් වෙනවා. ඒ නිසාම මේකේ Face ID අයින් කරලා, Power Button එකට අලුත්ම Touch ID සෙන්සර් එකක් දාලා තියෙනවා. හැබැයි මේකේ ගාණ ඩොලර් 2,000 කට වඩා වැඩි වෙයි.
2. අලුත් CEO ගේ පළවෙනි ඉවෙන්ට් එක
අවුරුදු ගාණක් Apple එක රන් කරපු Tim Cook වෙනුවට, අද (සැප්තැම්බර් 1) ඉඳන් Apple ලගේ අලුත් CEO විදිහට “John Ternus” වැඩ භාරගත්තා. ඉතින් මේ “Surprise and Shine” ඉවෙන්ට් එක තමයි එයා CEO විදිහට තනියම කරන පළවෙනි ලොකුම ප්‍රසන්ටේෂන් එක. මේ පාර Apple ලා සම්පූර්ණයෙන්ම ෆෝකස් කරන්නේ මේ අලුත් CEO ගේ අනාගත සැලසුම් ලෝකෙටම පෙන්නන්න.
3. iPhone 18 Pro Max වල අලුත් කැමරාව
මේ පාර එන iPhone 18 Pro Max එකට “Variable Aperture” (අපර්චර් එක වෙනස් කරන්න පුළුවන්) කැමරා තාක්ෂණය එනවා කියලා ලීක්ස් වලින් තහවුරු වෙලා තියෙනවා. මේකත් ඇපල් ෆෝන් එකකට එන පළවෙනි වතාව. ඒ වගේම 2nm තාක්ෂණයෙන් හදපු සුපිරි A20 Pro චිප් එකෙන් තමයි මේ Pro ෆෝන් සහ Ultra ෆෝන් රන් වෙන්නේ. ඒ එක්කම 12GB RAM එකකුත් මේවට අනිවාර්යයෙන්ම එනවා.
4. සාමාන්‍ය iPhone 18 එකට මොකද වෙන්නේ?
ලොකුම පුදුමේ ඒක නෙමෙයි. හැමදාම වගේ මේ පාර සාමාන්‍ය (Base Model) iPhone 18 එක සැප්තැම්බර් වල රිලීස් වෙන්නේ නෑ. ඇපල් ලා තීරණය කරලා තියෙනවා iPhone 18, iPhone 18e සහ iPhone Air 2 කියන ෆෝන් සෙට් එකම ලබන අවුරුද්දේ (2027) Spring Season එකට කල් දාන්න. මේ පාර එයාලා ෆෝකස් කරන්නේ Premium Pro ෆෝන් වලටයි, Foldable ෆෝන් එකටයි විතරයි. මේකෙන් ඇපල් ලා බලාපොරොත්තු වෙන්නේ එයාලගේ ලාභය තවත් වැඩි කරගන්න එකයි.
ඉතින් , මේ එන්න යන පළවෙනි Apple නැවෙන ෆෝන් එක (iPhone Ultra) ගැන මොකද හිතන්නේ? සැම්සුන්ග් ලගේ Z Fold වලට මේකෙන් ගේමක් දෙන්න පුළුවන් වෙයිද?
TECH SONA
