WhatsApp හරහා ලැබෙන පණිවිඩ සඳහා ක්ෂණිකව Reaction Emoji එකක් එක් කිරීමට අප බොහොමයක් දෙනා පුරුදුව සිටිමු. නමුත් මෙතෙක් කාලයක් ඒ සඳහා සෑම දෙනාටම එක ලෙස භාවිත කළ හැකි වූයේ පෙරනිමි (Default) Emoji 6ක් පමණි. වෙනත් Emoji එකක් යෙදීමට අවශ්‍ය වූ විට, ‘+’ සලකුණ ක්ලික් කර අවශ්‍ය Emoji එක තෝරා ගැනීමට සිදු විය. මෙම ගැටලුවට විසඳුමක් ලෙස, අදාළ Reaction Tray එකෙහි ඇති Emoji 6 වෙනුවට තමන් නිතරම භාවිත කරන Emoji එකතු කරගැනීමේ (Custom Emoji Reactions) පහසුකමක් හඳුන්වා දීමට WhatsApp සමාගම කටයුතු කරමින් සිටී.
මෙම පහසුකම මේ වන විටත් Android සහ iOS (iPhone) බීටා (Beta) සංස්කරණ හරහා පරීක්ෂා කෙරෙමින් පවතී. එම නිසා ඉදිරියේදී මෙහෙයුම් පද්ධති දෙකටම මෙම පහසුකම එකලෙස හිමි වීමට නියමිතය.
යෙදවුමේ (App Settings) වෙත ගොස්, මීට පෙර තිබූ Emoji 6 වෙනුවට තමන් වඩාත් ප්‍රිය කරන ඕනෑම Emoji 6ක් තෝරා ගැනීමට පරිශීලකයින්ට අවස්ථාව හිමි වේ. යම් හෙයකින් නැවතත් මුලින් තිබූ Emoji ටිකම අවශ්‍ය වුවහොත්, එක ක්ලික් එකකින් එය නැවත යථා තත්ත්වයට (Default) පත් කරගැනීමටද හැකියාව ඇත.
WhatsApp Plus පරිශීලකයින්ට මුලින්ම:
මෙම නව අංගය ප්‍රධාන වශයෙන්ම WhatsApp Plus ග්‍රාහකයින් වෙත ප්‍රථමයෙන්ම හිමි වනු ඇත. (මීට පෙර Themes, Custom icons සහ එකවර Chats 20ක් Pin කිරීමේ පහසුකමද ඔවුන් වෙත ලබා දී තිබුණි.)
මිතුරන් අතර කෙරෙන සංවාදවලදී සහ රැකියාමය අවශ්‍යතා වෙනුවෙන් කෙරෙන සංවාදවලදී භාවිත වන Emoji එකිනෙකට වෙනස් වේ. තමන්ට නිතරම අවශ්‍ය වන Emoji පෙළ ඉදිරියෙන්ම තබා ගැනීමට හැකි වීම තුළින් කාලය ඉතිරි කරගනිමින් වඩාත් ඉක්මනින් ප්‍රතිචාර (Reply) දැක්වීමට මෙමගින් විශාල පහසුවක් සැලසේ.
මෙම පහසුකම තවමත් සංවර්ධන මට්ටමේ පවතින අතර, සාමාන්‍ය පරිශීලකයින් වෙත නිකුත් කරන නිශ්චිත දිනයක් WhatsApp සමාගම විසින් මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැත.
මෙවැනි නවතම තාක්ෂණික තොරතුරු සහ පුවත් ඉක්මනින් දැනගැනීම සඳහා අපගේ පිටුව Follow කර තබාගන්න!
AndroiD ලෝකය
