විසින් හඳුන්වා දුන් Usernames විශේෂාංගය ඉන්දියාව තුළ ක්‍රියාත්මක කිරීම වහාම අත්හිටුවන ලෙස එරට රජය, Meta එකට නිල දැනුම්දීමක් සිදුකර තිබෙනවා..
දුරකථන අංකය හෙළි නොකර, වෙනම usernames මඟින් සම්බන්ධ වීමට ඉඩ සැලසීම හරහා සයිබර් වංචා, Impersonation scams සහ Phishing රහාර ඉහළ යා හැකි බවටයි එරට විද්‍යුත් හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය (MeitY) පෙන්වා දෙන්නේ..
පසුගිය ජූනි 29 වනදා සිට ලොව පුරා අදියර වශයෙන් නිකුත් කිරීමට ආරම්භ කළ මෙම විශේෂාංගය මඟින් පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා වන බව Meta සමාගම පැවසුවද, ඉන්දීය බලධාරීන් පවසන්නේ වංචාකරුවන් විදේශීය අංක භාවිත කරමින් රාජ්‍ය නිලධාරීන් ලෙස පෙනී සිටිමින් සිදුකරන “Digital arrest” වැනි දරුණු මූල්‍ය වංචාවන් සඳහා මෙම නිර්නාමිකභාවය අවභාවිත කළ හැකි බවයි..
මේ පිළිබඳව ගතයුතු ආරක්ෂිත පියවර සහ පැහැදිලි කිරීම් ඉදිරිපත් කිරීමට Meta සමාගමට දින 3ක කාලයක් ලබා දී ඇති අතර, එතෙක් මෙම විශේෂාංගය ඉන්දියාව තුළ අත්හිටුවා තිබේ..
ඉන්දියාව ගත් මෙම දැඩි තීරණය, තාක්ෂණික සමාගම්වල Privacy innovations සහ දේශීය ආරක්ෂක අවශ්‍යතා අතර පවතින ගැටුම මනාව පෙන්වා දෙනවා
