ඔබේ Android ෆෝන් එකට Google එකෙන් අලුතින්ම ආපු June update එක ගැන දන්නවාද?

Mic
By Mic

විශේෂයෙන්ම iPhone පාවිච්චි කරන යාළුවෝ ඉන්න අයට වගේම, දවසගානේ එන phone scams වලින් බේරෙන්න බලන් ඉන්න අයට මේක මාරම news එකක්. 🚀

ඊයේ (June 3) Google එකෙන් Android වලට අලුත් features වගයක් release කළා. මේ තියෙන්නේ ශ්‍රී ලංකාවේ අපිට ගොඩක්ම වැදගත් වෙන දේවල් 4:

📱 iPhone වලට කෙලින්ම ෆොටෝස් යවන්න (Quick Share to AirDrop)

මෙච්චර කල් Android එකකින් iPhone එකකට quality අඩුවෙන්නේ නැතුව photo එකක් යවන්න Telegram දාන්න හරි WhatsApp එකේ Document විදිහට යවන්න හරි වුණානේ. දැන් අලුත් Quick Share update එකෙන් කෙලින්ම iPhone AirDrop එකට files, photos, videos යවන්න පුළුවන්. Trip එකක් ගිහින් ෆොටෝ ටික යවාගන්න දැන් OS දෙකක් කියලා රණ්ඩුවක් නෑ!

⚠️ හොර Calls අඳුරගන්න (Fake Call Detection)

ලංකාවේ දැන් bank scams, WhatsApp scams වසංගතයක් වගේනේ. සමහර වෙලාවට scammer කෙනෙක් කෝල් කරන්නේ ඔයාගේ ෆෝන් එකේ save කරලා තියෙන අම්මගේ හරි යාළුවෙකුගේ හරි නම්බර් එකක් විදිහට screen එකේ පෙන්නලා (Spoofing). අලුත් Phone by Google update එකෙන් මේ වගේ හොර calls අඳුරගෙන, කෝල් එක අතරතුරම ඔයාට warning එකක් දෙනවා මේ කතා කරන්නේ ඇත්තටම ඒ කෙනා නෙවෙයි කියලා. හැබැයි මතක තියාගන්න, මේ ආරක්ෂාව හරියටම වැඩ කරන්නේ කෝල් එක ගන්න ඔයයි, කෝල් කරන කෙනයි දෙන්නාම ‘Phone by Google’ app එක සහ RCS පාවිච්චි කරනවා නම් විතරයි.

🔍 දකින ඇඳුම හොයාගන්න (Circle to Search)

Instagram හරි TikTok හරි යනකොට දකින කෙනෙක් ඇඳන් ඉන්න ලස්සන outfit එකක් ලංකාවේ කොහෙන්ද ගන්නේ කියලා හොයන්න ඕනෙද? දැන් ඒ මුළු outfit එකම screen එකේ circle කරලා ඒ ජාතියේම ඇඳුම්, සපත්තු ගන්න තියෙන තැන් ලේසියෙන්ම හොයාගන්න පුළුවන්.

👕 Google Photos Wardrobe (ළඟදීම)

ඔයාගේ phone එකේ තියෙන photos වලින් ඇඳුම් ටික විතරක් AI එකෙන් වෙන් කරලා virtual wardrobe එකක් හදාගන්න පුළුවන් මාරම feature එකකුත් එනවා. (දැනට ඉන්දියාවට, US වලට දීලා තියෙන්නේ, ලංකාවටත් ළඟදීම එයි).

💡 මේක පාවිච්චි කරන්නේ කොහොමද?

ඔයාගේ phone එකේ Play Store ගිහින් ‘Phone by Google’ සහ ‘Google Photos’ apps අදම update කරගන්න. Android 14 තියෙන ගොඩක් අයට මේ දවස්වල මේ features ටික ලැබෙනවා.

Android පාවිච්චි කරන ඔයාගේ යාළුවන්ට මේක දැනගන්න share කරන්න. විශේෂයෙන්ම අර හැමදාම ෆොටෝස් ඉල්ලලා වද දෙන iPhone යාළුවට මේක යවන්න. ➡️

උපුටා ගැනීම: Roarion

Share This Article