ඔන්න ගොඩාක් අය බලන් හිටපු Feature එකක් දැන් Google ලංකාවටත් දීල.

Mic
By Mic

දිගු කාලයක් තිස්සේ Gmail භාවිතා කරන බොහෝ දෙනා බලාපොරොත්තු වූ Gmail Username (උදා: [email protected]) වෙනස් කිරීමේ පහසුකම Google විසින් දැන් ලබාදීම ආරම්භ කරල තියෙනවා.

මීට පෙර Gmail username එකක් සාදාගත් පසු එය වෙනස් කිරීමට අවශ්‍ය නම් අලුත් Google Account එකක්ම සාදාගැනීමට සිදු වුණා. නමුත් මෙම නව update එකත් සමඟ සුදුසුකම් ලැබූ accounts සඳහා එම username එක වෙනස් කිරීමේ හැකියාව ලබාදෙමින් පවතී.

මෙම update එකෙන් ලැබෙන වාසි

✅ Gmail username එක නව එකකට වෙනස් කළ හැක.

✅ Google Drive, Google Photos, YouTube, Google Play ඇතුළු සේවාවල Data වෙනස් වෙන්නේ නෑ.

✅ පැරණි Gmail address එකට එන emails කිසිදු ගැටලුවක් නැතුව අළුත් එකටත් එනවා.

✅ පැරණි email address එක භාවිතා කර sign in කිරීමද සමහර අවස්ථාවලදී තවදුරටත් සහය දක්වයි.

ඔබගේ account එකට ලැබී ඇත්දැයි බලන්නේ කොහොමද?

Google Account එකට යන්න.

Personal info Menu එකට යන්න.

Email වලට යන්න.

Google Account email යටතේ Change email හෝ Change Google Account email යන option එකක් තියෙනවා.

තාමත් Rollout වෙන නිසා හැමෝටම ලැබිල නැති වෙන්නත් පුළුවන්.

මතක තබාගත යුතු කරුණු

1. Username එක වසරකට එක් වරක් පමණක් වෙනස් කළ හැක.

2. නව Gmail username එක වෙනත් කෙනෙකු භාවිතා නොකරන එකක් විය යුතුය.

උපුටා ගැනීම : Lakshan Weerasingha

Share This Article