Meta සමාගම උන්ගේම සේවකයින්ට කරපු පට්ටම භයානක වැඩක් පහුගිය මැයි අග රොයිටර් (Reuters) පුවත් සේවය විසින් ලෝකෙටම ලීක් කරලා තියෙනවා. මේක අහපුවාම උඹලටත් හිතෙයි ඉස්සරහට අපේ රස්සාවල් වලට මොනවා වෙයිද කියලා!…
මෙන්න ලීක් වුණු රිපෝට් එකේ තියෙන ඇත්තම කතාව:
1. මොකක්ද මේ Model Capability Initiative (MCI)?
Meta එකේ ඇමරිකාවේ වැඩ කරන සේවකයින්ගේ කම්පියුටර් වලට අලුතෙන්ම ක්‍රියාත්මක කරපු Tracking Software එකක් තමයි මේ. මේකෙන් සේවකයෝ මවුස් එක හොල්ලන විදිහ, ක්ලික් කරන තැන්, කීබෝඩ් එකේ ටයිප් කරන දේවල් සහ යන යන වෙබ්සයිට් වල Screenshots පවා වරින් වර රෙකෝඩ් වෙනවා.
2. ඇප්ස් 200කට වඩා ට්‍රැක් කරනවා!
මේක නිකන්ම නිකන් ට්‍රැකින්ග් නෙමෙයි. Google Search, LinkedIn, Wikipedia, Slack, Gmail වගේ ඇප්ස් සහ වෙබ්සයිට් 200කට වඩා මේකෙන් ට්‍රැක් කරනවා. ඒ කියන්නේ සේවකයෙක් ඔෆිස් වෙලාවේ කරන හැමදේම, මවුස් එක ගෙනියන විදිහ පවා Meta සර්වර් වලට යනවා.
3. ගෙවල් වල ඉන්ටර්නෙට් දවස් ගාණකින් ඉවර වෙලා…
මේකේ භයානකම සීන් එක තමයි, මේ ට්‍රැකින්ග් එකෙන් කොච්චර ඩේටා ප්‍රමාණයක් අප්ලෝඩ් වෙනවද කිව්වොත්, Work from home කරන සමහර සේවකයින්ගේ ගෙවල් වල මාසෙටම තියෙන ඉන්ටර්නෙට් ඩේටා ලිමිට් එක දවස් කිහිපයකින් සම්පූර්ණයෙන්ම ඉවර වෙලා තියෙනවා! සේවකයෝ මේ ගැන කම්ප්ලේන් කරද්දි තමයි කතාව එළියට ඇවිත් තියෙන්නේ.
4. යුරෝපයේ නීතියට (GDPR) හැප්පීම
මේක ඇමරිකාවේ සේවකයින්ට විතරක් සීමා කරලා කියලයි Meta සමාගම කිව්වේ. හැබැයි ඇමරිකාවේ කෙනෙක් යුරෝපයේ ඉන්න කෙනෙක් එක්ක චැට් කරද්දි (Gmail/GChat වලින්), ඒ යුරෝපයේ කෙනාගේ මැසේජ් එකත් අර ස්ක්‍රීන්ෂොට් එකක් විදිහට රෙකෝඩ් වෙනවා. මේක යුරෝපයේ තදබල Privacy නීතියක් වෙන GDPR එකට කෙලින්ම විරුද්ධයි. ඒ නිසා දැන් Meta සමාගම යුරෝපයෙන් ලොකු නීතිමය ප්‍රශ්නයකට පැටලෙන්නයි යන්නේ.
5. ඇයි මේ තරම් ඩේටා රෙකෝඩ් කරන්නේ?
මාර්ක් සකර්බර්ග් අයියගෙ ලීක් වුණ ඕඩියෝ ක්ලිප් එකකින් මේකට උත්තරේ හම්බවෙනවා. මුන් මේ හදන්නේ සේවකයෝ (විශේෂයෙන්ම Software Engineers ලා) වැඩ කරන විදිහ ඒ විදිහටම කොපි කරලා, අනාගතයේදී ඒ සේවකයින්වම අයින් කරලා දාලා ඒ වැඩේ තනියම කරන්න පුළුවන් AI Agents ලා (Autonomous bots) හදන්නයි!… ඒ කියන්නේ උඹේ වැඩ කරන විදිහ බලන් ඉඳලා, උඹේ රස්සාවට කෙලින්න AI එකක් හදනවා වගේ වැඩක්.
මේ යන විදිහට අනාගතයේදී ලෝකේ හැම කම්පැණියක්ම තමන්ගේ සේවකයින්ගේ මොළය AI එකකට කොපි කරගනියිද? මේ ගැන උඹලට මොකද හිතෙන්නේ? අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙනම යමන්!.. ![]()
උපුටා ගැනීම : TECH SONA
