අවුරුදු දෙකක් විතර යද්දි එකපාරටම ෆෝන් එක හිරවෙන්න ගන්නවා, බැටරිය බහිනවා, කැමරාවත් මෙලෝ රහක් නෑ වගේ දැනෙනවද?උඹ හිතන්නේ ඒක ෆෝන් එක පරණ වුණ නිසා නිකම්ම වෙන දෙයක් කියලද? නෑ බං!.. මේකට ටෙක් ලෝකේ කියන්නේ ‘Planned Obsolescence’ (සැලසුම් සහගතව කල් ඉකුත් කිරීම) කියලා. පරණ ෆෝන් එක එපා කරවලා, උඹලව බලෙන්ම අලුත් ෆෝන් වලට දක්කන්න Apple, Samsung වගේ ෆෝන් කම්පැනි හොර ගෙමක් ගහනව.
1. සොෆ්ට්වෙයාර් අප්ඩේට් එකෙන්ම ස්පීඩ් එක බස්සන හැටි.
මේක නිකම්ම කතාවක් නෙවෙයි, උසාවි වල පවා ඔප්පු වෙච්ච ඇත්තක් :
Apple Batterygate (2017) : iPhone 6, 7 පරණ වෙද්දී බැටරිය දුර්වල වෙන නිසා, Apple ලා කාටවත් නොකියා iOS අප්ඩේට් එකක් (iOS 10.2.1) හරහා ප්‍රොසෙසර් එකේ ස්පීඩ් එක හිතාමතාම බස්සලා දැම්මා. ෆෝන් එක ලැග් වෙද්දි මිනිස්සු හිතුවේ ෆෝන් එක ඉවරයි කියලා. හැබැයි අලුත් බැටරියක් දැම්මම ෆෝන් එක ආයේ සුපිරියටම වැඩ කරා. මේ හොර වැඩේ අහුවෙලා Apple කාරයින්ට ඇමරිකාවේ විතරක් ඩොලර් මිලියන 500ක වන්දියක් ගෙවන්න වුණා.
Samsung GOS මාෆියාව (2022) : සැම්සුන්ග් ලත් මේ ගේමම ගැහුවා. උන් ‘Game Optimizing Service’ (GOS) කියලා හොර සොෆ්ට්වෙයාර් එකක් දාලා Games, Social Media ඇතුළු ඇප්ස් 10,000ක විතර ස්පීඩ් එක හිතාමතාම සීමා කරා. හැබැයි ෆෝන් වල ස්පීඩ් එක මනින Geekbench, AnTuTu වගේ ඇප්ස් වලට විතරක් ෆුල් ස්පීඩ් එක දුන්නා මිනිස්සුන්ව රවට්ටන්න. අන්තිමට මාට්ටු වෙලා Geekbench එකෙන් Galaxy S10 ඉඳන් S22 වෙනකම් ෆෝන් ලිස්ට් එකෙන්ම Ban කරලා දැම්මා.!
2. කඩේකින් හදාගන්න බැරිවෙන්න දාන ඩිජිටල් ඉබ්බ (Parts Pairing)!
ෆෝන් එකක් කැඩුනම කඩේකට දීලා අඩුවට හදාගන්න බැරි වෙන්න මුන් පට්ටම කපටි ගේමක් ගහනවා :
Parts Serialization : දැන් එන ෆෝන් වල Screen, Battery, Camera හැම කෑල්ලකටම වෙනම Microchip එකක් ගහලා, ඒක මදර්බෝඩ් එකේ සීඩී අංකෙට ලොක් (Pair) කරලයි එන්නේ. උඹ වෙන කඩේකින් original ඇපල් ඩිස්ප්ලේ එකක් ගෙනත් දැම්මත්, Apple ලගේ official සොෆ්ට්වෙයාර් එකෙන් Unlock කරේ නැත්නම් True Tone වැඩ කරන්නේ නෑ, “Unknown Part” කියලා warning වදිනවා.
Samsung ලත් මේකම A51 වගේ ෆෝන් වල කරා (ඩිස්ප්ලේ එක මාරු කරාම Fingerprint එක වැඩ කරන්නේ නැති වෙන්න හැදුවා).
මේ මදිවට iPhone 16 එකක විතරක් වෙනස් ඇණ වර්ග 4ක් ගහනවා, බැටරි ගලවන්න බැරි වෙන්න ඇතුළෙන් ගම් එකක් දාලා අලවනවා. iFixit එකෙන් මේ නිසා ෆෝන් වලට දුන්න Repairability ලකුණු 10න් 4ටම බැස්සුවා.
3. කැමරාවයි බැටරියයි ඇත්තටම නරක් වෙනවද?
බැටරිය : සොෆ්ට්වෙයාර් අප්ඩේට් එකෙන් හිතාමතා බැටරි බස්සනවා කියන්නේ බොරුවක්. Lithium-ion බැටරි කොහොමත් අවුරුද්දකට 10%-20% ස්වභාවිකවම දියවෙනවා. අප්ඩේට් එකක් දැම්මම අලුත් ෆීචර්ස් හින්දා ඒක තවත් වේගෙන් බහිනවා වගේ දැනෙනවා.
කැමරාව : කම්පැනි වලින් අප්ඩේට් එකක් දාලා කැමරාව බාල කරනවා කියන්නෙත් මිත්‍යාවක්. එතන යන්නේ මානසික ගේමක්. උන් අලුත් ෆෝන් එකේ කැමරාව ගැන ලොකුවට මාකට් කරද්දී (උදාහරණයක් විදිහට iPhone 15 Pro එක iPhone 12 ට වඩා 2.7 ගුණයක් ආලෝකය ගන්නවා), උඹේ හිතට නිකම්ම දැනෙනවා “මගේ පරණ ෆෝන් එකේ කැමරාව මෙලෝ රහක් නෑ” කියලා.
4. ලෝකෙන් වැටුණු දඩ සහ නඩු හබ!
මේ මාෆියාව අහුවෙලා කම්පැනි ගෙවපු දඩ මෙන්න :
• ඇපල් සමාගමට ඉතාලියෙන් යුරෝ මිලියන 10ක දඩයක් ගැහුවා.
• ප්‍රංශ රජයෙන් ඇපල් එකට යුරෝ මිලියන 25ක දඩයක් ගහලා, උන්ගේ වෙබ්සයිට් එකේ ප්‍රසිද්ධියේ සමාව ගන්න සැලැස්සුවා.
• සැම්සුන්ග් එකටත් පරණ Note 4 ෆෝන් ස්ලෝ කරපු එකට ඉතාලියෙන් යුරෝ මිලියන 5ක දඩයක් ගැහුවා.
5. යුරෝපා සංගමය (EU) දෙන සුපිරි රිටර්න් එක!
මේ හොර වැඩ නවත්තන්න දැන් නීති ඇවිත් :
• 2024 දෙසැම්බර් ඉඳන් හැම ෆෝන් එකකටම Type-C අනිවාර්යයි (Apple Lightning පෝට් එක ඉවර කරේ ඒකෙන්).
• 2027 වෙද්දි එන අලුත්ම නීතිය: කිසිම මැලියමක් නැතුව, ගෙදරදීම සාමාන්‍ය මිනිහෙක්ට ගලවලා මාරු කරන්න පුළුවන් විදිහට (Removable Batteries) ෆෝන් හදන්න ඕනේ.
• එහෙම නැත්නම් බැටරිය 1000 වතාවක් Charge කරත් 80% Capacity එක තියෙන්නම ඕනේ.
අවුරුදු 2න් 2ට අලුත් ෆෝන් ගන්න කියලා අපිව රවට්ටන මේ කෝටි ගණන් වල ඩාර්ක් මාෆියාව ගැන උඹලට මොකද හිතෙන්නේ?
TECH SONA
