අප අවට play වෙන ගීත හදුනාගැනීමට හා පහසුවෙන් නැවත ඇසීමට උදව් වෙන App එකක් ගැන දැනගනිමු

Mic
By Mic

අද මේ ලිපිය තුළින් අප කතා කරන්නට බලාපොරොත්තු වන App එක මේ වන විට Playstore එක හරහා පමණක් ලොව පුරා මිලියන 500 ක් පමණ දෙනා භාවිතා කරන App එකක් වන අතර මෙය භාවිතයෙන් අප අවට play වෙන ගීතයක් කෙටි කාලයක් ඇතුළත හදුනාගැනීමටත් එලෙස හදුනාගත් ගීතය Spotify වැනි streaming platforms හරහා ඇසීමටත් හැකියාව ලබා දෙනවා.

මෙය Shazam නම් Application එක වන අතර මෙහි වර්තමාන අයිතිකාර සමාගම වන්නේ අපි කවුරුත් දන්නා Apple සමාගමයි. එය එසේ වුවත් මෙය iOSmacOS වලට පමණක් සීමා නොවන අතර මෙය AndroidwatchOS සහ wearOS වැනි platform වලද වඩාත් පහසුවෙන් භාවිතා කිරීමට හැකියාව පවතිනවා.

මෙම application එක වර්තමානයේ Apple ආයතනයට අයිති වුවත් මෙය හදුන්වාදෙන ලද්දේ නම් Apple සමාගම විසින් නොවන අතර මෙහි මුල් සංවර්ධකයා වන්නේ Shazam Entertainment Limited නම් සමාගමයි.

Shazam App එකෙහි නිර්මාතෘ සමාගම බිහිවී ඇත්තේ 1999 වර්ෂයේ Chris Barton, Philip Inghelbrecht, Avery Wang සහ Dhiraj Mukherjee අය විසින් වන අතර මෙය Apple සමාගම විසින් මිලදී ගෙන තිබෙන්නේ 2018 වර්ෂයේ ඩොලර් මිලියන 400 ක් වැනි මුදලකටයි.

Shazam App ගැන කතා කිරීමේදී අමතක කළ නොහැකිම කරුණක් වන කෙටි කාලයක් ඇතුළත මේ ආකාරයට ගීතයක් හදුනාගැනීමට හැකියාව ලබාදෙන තාක්ෂණය ගැනත් කෙටියෙන් විමසා බලමු.

Source: toptal වෙබ් අඩවිය

මෙහිදී භාවිතා කරන තාක්ෂණය ගැන සරලව පැහැදිලි කලහොත් මෙම App එක තුළදී මුලින්ම සිදුවන්නේ App එක භාවිතා කරන device එකෙහි microphone එකෙන් ලබාගන්න ශබ්ද තරංගයෙහි time-frequency graph (spectrogram) මත පදනම් වූ audio fingerprint එකක් නිර්මාණය කර ගැනීමයි.

ඉන්පසු එසේ generate කර ගන්නා audio fingerprint එක මත පදනම්ව Shazam සතු ගීත මිලියන ගණනක audio fingerprints ගබඩා කර ඇති music Library සමඟ සසඳා බැලීමක් සිදුකර ගීතය කුමක් ද යන්න සොයා බැලීමක් සිදු කරනු ලබනවා.

Shazam භාවිතා කරන මෙම තාක්ෂණය හරහා ගීතයකට අදාල audio fingerprint එක නිර්මාණය කළ පසු ඔවුන් සතු music Library භාවිතයෙන් පරිශීලකයාට අවශ්‍ය ගීතය තත්පර කිහිපයක් ඇතුලත ලබාදීමට shazam app එකට හැකියාව පවතිනවා.

ඔබටත් මෙම App එක භාවිතා කර බැලීමට කැමතිනම් Google Play හෝ App Store හරහා ද එසේත් නොමැතිනම් මෙම App එක සහාය දක්වන අනෙකුත් Platform එකකට ලබා ගැනීම හරහාද මෙය පහසුවෙන් භාවිතා කර බැලිය හැකි වනවා.

උපුටා ගැනීම : technews

Share This Article