ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16 න් පහළ දරුවන් සඳහා පැනවූ සමාජ මාධ්‍ය තහනම බලාත්මක වේ: ඇත්තට ම දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කළ හැකි ද?

Mic
By Mic
  • ටිෆනි ටර්න්බුල් සහ ජෙසිකා හ්‍රෝමාස්
  • Role,බීබීබී පුවත්, සිඩ්නි

දෙසැම්බර් 10 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඔස්ට්‍රේලියාවේ වෙසෙන වයස අවුරුදු 16 ට අඩු සීමාවේ පසුවන දරුවන්ට සමාජ මාධ්‍ය ගිණුම් භාවිත කිරීමට තවදුරටත් අවසර හිමි නොවේ.

ඒ අනුව සිඩ්නි නුවරට අද මධ්‍යම රාත්‍රිය උදාවීමත් සමග ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා ලොව පළමු සමාජ මාධ්‍ය තහනම ක්‍රියාත්මක විය.

එරට සංඛ්‍යාලේඛන කාර්යාංශයට අනුව ඔස්ට්‍රේලියාව තුළ වයස අවුරුදු 16 ට අඩු ළමුන් මිලියන පහක් සහ අවුරුදු 10 ත් 15 ත් අතර වයස් සීමාවේ පසුවන ළමුන් මිලියනයක ප්‍රමාණයක් සිටියි.

නමුත් යොවුන් වියේ දරුවන් අපට වඩා තාක්ෂණය අතින් ගත් කළ පියවරක් ඉදිරියෙන් සිටින බව නොරහසකි.

ළමුන් සඳහා වන ඔස්ට්‍රේලියාවේ “ලෝක ප්‍රමුඛ” සමාජ මාධ්‍ය තහනම අභිබවා යාමට 13 හැවිරිදි ඉසබෙල්ට ගත වුණේ මිනිත්තු පහකටත් අඩු කාලයකි.

බලපෑමට ලක් වූ සමාජ මාධ්‍ය වේදිකා දහයෙන් එකක් වන Snapchat වෙතින් සිදු කරන ලද දැනුම් දීමක් ඇගේ තිරය මත දිස්ව තිබූ අතර ඇයට වයස අවුරුදු 16 ට වැඩි බව ඔප්පු කළ නොහැකි වන්නේ නම් මෙම සතියේදී නීතිය බලාත්මක වන විට ඇයව ඉන් ඉවත් කරන බවට මීට පෙර අනතුරු අගවා තිබිණි.

“මට මගේ අම්මාගේ ඡායාරූපයක් ලැබුණා, මම ඒක කැමරාව ඉස්සරහින් තිබ්බා. ඒකෙන් මට app එක ඇතුළට පුළුවන් වුණා . ඔබේ වයස තහවුරු කිරීම ගැන ස්තූතියි” යනුවෙන් එහි සඳහන් වුණා,” ඉසබෙල් පැවසුවාය. “මට අහන්න ලැබුණා එක්කෙනෙක් බියොන්සේගේ මුණත් පාවිච්චි කළා කියලා” ඇය වැඩිදුරටත් පවසයි.

ඔස්ට්‍රේලියානු රජය පවසන්නේ බොහෝ මව්පියන් අතර ජනප්‍රිය ලොව ප්‍රථම ප්‍රතිපත්තිය වන මෙම තහනම මගින් හානිකර අන්තර්ගතයන්ගෙන් සහ සයිබර් හිරිහැර කිරීම සහ අපයෝජන වැනි වෙනත් අවදානම් වලින් දරුවන් ආරක්ෂා කිරීම මෙන් ම ඔවුන්ට වඩා හොඳින් නින්ද ලබා ගැනීමට උපකාර කිරීම සහ ඔවුන්ගේ ශාරීරික හා මානසික සෞඛ්‍යය වැඩි දියුණු කිරීම අරමුණු කර ගෙන ඇති බවයි.

උපුටා ගැනීම: BBC

Share This Article