දත්ත සංකේතනය (Data Encryption) ගැන දැනුවත් වෙමු

Mic
By Mic

දත්ත සංකේතනයේදී සාමාන්‍ය දත්ත වෙනත් ආකාරයකට හෝ කේතයකට පරිවර්තනය කිරීම මඟින් තෙවන පාර්ශවයකට එය නිරාවරණය වීම වලක්වයි. එය කියවීමට රහස් යතුරක් (decryption key) හෝ මුරපදයක් අවශ්‍ය වේ. මෙය හිමි පුද්ගලයන්ට පමණක් දත්ත කියවිය හැකි වේ. මෙම පණිවිඩය මුල් ස්වරූපයෙන් බැලිය හැකි වන්නේ නිවැරදි යතුර භාවිතා කර විකේතනය කළහොත් පමණි. සංකේතාත්මක දත්ත ciphertext ලෙස හඳුන්වන අතර  සංකේතනය නොකළ දත්ත plaintext ලෙස හඳුන්වයි. දත්ත සංකේතනය දත්ත ආරක්ෂණ ක්‍රම අතරින්  වඩාත් ජනප්‍රිය සහ ඵලදායී එකකි. 

මෙහි ප්‍රධාන ආකාර දෙකකි 

අසමමිතික සංකේතනය (asymmetric encryption/ public-key encryption)

සමමිතික සංකේතනය (symmetric encryption)

Symmetric-key ciphers

පණිවිඩයක් හෝ ගොනුවක් සංකේතනය කිරීම සහ විකේතනය කිරීම සඳහා එකම රහස් යතුරක් භාවිතා කරයි. මෙය asymmetric encryption ක්‍රමයට වඩා වේගවත්ය. මෙහිදී පණිවිඩය යවන පුද්ගලයා පණිවිඩය විකේතනය කිරීමට අවශ්‍ය වන රහස් යතුර කලින් පණිවිඩය ලබන්නා අතට පත් කල යුතුය. 

asymmetric cryptography

මෙහිදී යතුරු දෙකක් භාවිතා කෙරේ. එකක් පොදු වන අතර අනෙක පුද්ගලික වේ. පොදු යතුර සියලු දෙනා සමඟ බෙදා ගත හැක. පුද්ගලික යතුර අන් අය  සමඟ බෙදා ගත නොහැක.

මෙහි වාසි 

මෙයින් ඔබගේ දත්ත වල ආරක්ෂාව සහතික කෙරේ. දත්ත ආරක්ෂා කිරීම සඳහා යොදන ලද සංකේතනය බාහිර පාර්ශවයකට බිඳ දැමිය හැකිද?, රහස් යතුරේ ඇති සෑම සංයෝජනයක්ම අනුමාන කිරීමට කොපමණ කාලයක් ගතවේද ආදී දේ මත මෙහි ආරක්ෂාව සහතික කෙරේ. සංකේතනය කරන ලද දත්ත ඇති පෙන් එකක්, හාර්ඩ් ඩ්‍රයිව් එකක් සොරකම් කිරීමකට ලක් වුවද ඔබ ආරක්‍ෂිත වනු ඇත. 

මෙම ක්‍රමය ඉතා පහසුය. ආරක්ෂාව උපරිම බව සහතික කලත් එය භාවිතා කිරීමට අපහසු නම් බොහෝ දෙනෙක් එය අත්හැර දැමීම සාමාන්‍යයි. නමුත් මෙහි ඇති පහසු බව නිසා ඉතා වේගයෙන් ජනප්‍රිය වෙන ලදී. මේ ගැන සරල දැනුමක් තිබීම ප්‍රමාණවත්ය. භාවිතය අරඹා දින කීපයක් යන විට එය ඉතා පහසු බව ඔබට දැනෙනු ඇත.

පරිගණකය ඇතුළු සෙසු උපාංග, ඩොකියුමන්ට්, අතේ ගෙන යා හැකි උපාංග ආදිය වෙන වෙනම සංකේතනය කල හැකි අතර එම ක්‍රියාවලිය ඉතා පහසුය. ඇතැම්විට ඔබ සංකේතනය භාවිතා කරන බවවත් ඔබ දන්නේ නැහැ. ඔබ ඔබගේ නව උපාංගයකට මුරපදයක් යොදන තුරු එහි දත්ත ආරක්ෂා කරන්නේ සමාගම විසින් සකස් කල සංකේතනය හරහාය. 

උපුටා ගැනීම: tech expert

Share This Article