දුරකථනය අපිරිසිඳු වෙන හැටි

Mic
By Mic

දුරකථනයේ හිමිකරුගේ ක්‍රියාකාරීත්වයේ ගැටලු නිසා දුරකථනය අපිරිසිදු වෙන්න පුළුවන්. අද අපි ඒ ගැන කතා කරමු.

අත් නොසෝදා දුරකථනය භාවිතා කිරීම ප්‍රධානතම හේතුවයි. අත් වල ඇති අපිරිසිදු ද්‍රව්‍ය, තෙල් සහ විෂබීජ පහසුවෙන්ම දුරකථනයේ තැවරෙන්න මෙය හේතුවක් වෙනවා. ආහාර ගන්නා අතරතුර දුරකථනය භාවිතා කිරීමත් ගැටලුවක්. එහි ප්‍රතිඵලයක් ලෙස දෑත් වල තැවරී ඇති ආහාර කොටස් දුරකථනයේ තැවරෙනවා. ආහාර පිසින අතරතුර දුරකථනය භාවිතා කිරීමත් ගැටළුවක්. ආහාර කොටස් එහි තිරය මතට විසි වෙන්න පුළුවන්.

වැසිකිළිය තුළ දුරකථනය භාවිතා කිරීම නුසුදුසු ක්‍රියාවක්. වැසිකිලිය තුල ඇති පරිසරය විෂබීජ හා බැක්ටීරියා වලින් පිරී පවතිනවා. විවේකාගාර තුළ දුරකථනය භාවිතා කිරීමෙන් ඒවා දුරකතනයේ තැවරෙනවා. සෙසු පුද්ගලයන් සමඟ දුරකථනය හවුලේ භාවිතා කිරීමත් ගැටළුවක්. අනෙක් පුද්ගලයාගේ සනීපාරක්ෂාව අඩු මට්ටමක තිබුණහොත් ඔබගේ අනුදැනුමකින් තොරවම ඔබේ දුරකතනයේ විෂබීජ තැවරෙනවා.

සමහරුන්ට දුරකථනය භාවිතා කරන්න තැනක් නොතැනක් නැහැ. දූවිලි විෂබීජ ඇතුළු අපරිසිදු ද්‍රව්‍ය පිරී ඇති ස්ථානවල දුරකථන භාවිතා කිරීමෙන් එම අංශු දුරකථනයේ තැවරෙනවා. මේ නිසා අපිරිසිඳු පරිසරයක ඔබගේ දුරකථනය භාවිතා නොකර සිටීම වඩා සුදුසු වනු ඇත.

 තවත් සමහරු තමන්ගේ දුරකථනය නිතර පිරිසිදු කරන්නේ නැහැ. එහි ප්‍රතිඵලයක් විදියට දුරකථනය මතුපිට තෙල්, ඇඟිලි සලකුණු සහ බැක්ටීරියා ආදිය තැවරෙනවා. මයික්‍රෆයිබර් රෙදි කැබැල්ලකට මෘදු පිරිසිදුකාරකයක් එකතුකර දුරකථනයේ මතුපිට විශබීජහරණය කරගත යුතුයි.

දුරකථනයේ ආරක්ෂාව සහතික කරන අමතර ආවරණයක් භාවිතා නොකිරීම තවත් වරදක්. එහි ප්‍රතිඵයක් ලෙස අපිරිසිදු ද්‍රව්‍යවලට පහසුවෙන්ම දුරකථනය නිරාවරණය වෙනවා.

මේකප් තැවරුණු දෑත් වලින් දුරකථනය හැසිරවීම නිසාත් දුරකථනය අපිරිසිඳු වෙනවා. මේකප් වල ඇති තෙල් සහ ග්‍රීස් ගතිය පහසුවෙන්ම දුරකතනයේ තැවරෙනවා. ඔබ මේකප් කිරීමෙන් හෝ මුහුණ ඇල්ලීමෙන් පසුව අත් හොඳින් පිරිසිදු කර නොගෙන දුරකථනය ස්පර්ශ නොකළ යුතුය.

දුරකථනය භාවිතා නොකරන අවස්ථා වලදී එය  අපිරිසිදු පෘෂ්ඨ මත තැබීම නිසාත් දුරකථනය අපිරිසිඳු වෙනවා. එම පෘෂ්ඨයේ ඇති විෂබීජ සහ අපද්‍රව්‍ය දුරකතනයේ තැවරෙනවා.

රෙදි සේදීමට පෙර දුරකථනය සාක්කුවෙන් ඉවත් කිරීමට අමතක වුවොත් දුරකතනයේ සබන් තැවරෙන්න පුළුවන්. දුරකථනය ජලයට ඔරොත්තු දුන්නත් සබන් දියර තැවරීම නිසා විවිධ ගැටළු ඇති වෙන්න පුළුවන්. දුරකථනය පිරිසිඳු කරන්න දුරකතනයට ඔරොත්තු නොදෙන පිරිසිඳුකාරක භාවිතා කිරීමත් නුසුදුසුයි.

නිවැරදි ආරක්ෂාවක් නොමැතිව දුරකථනය සාක්කු වල සහ බෑග් වල දමාගෙන සිටීමෙන් විවිධ අපද්‍රව්‍ය තැවරෙනවා. එමෙන්ම දුරකතනයේ මතුපිට සීරීම් වලට ලක් වෙනවා. බාහිර මූලද්‍රව්‍ය වලින් දුරකථනය ආරක්ෂා කිරීමට ආරක්ෂිත ආවරණයක් භාවිතා කල යුතුය.

මුහුණ හොඳින් පිරිසිදු නොකරන පුද්ගලයකුගේ දුරකථනයේ වැඩිපුර විෂබීජ තැවරීමේ අවධානමත් තියෙනවා. විශේෂයෙන්ම කන නාසය නිවැරදිව පිරිසිඳු නොකරන පුද්ගලයෙකුගේ එම අවයවල ඇති ශ්‍රාවයන් දුරකථනය තැවරෙනවා.

උපුටා ගැනීම: tech expert

Share This Article