Samsung’s Galaxy S26 with AMD RDNA4

Mic
By Mic

සැම්සුන් සමාගමේ  ලබන පෙබරවාරි 26 “Galaxy Unpacked” අවස්ථාවේදී එලිදැක්වීමට බලාපොරොත්තු වෙන Galaxy S26 ස්මාර්ට්ෆෝන් මාදිලි සඳහා AMD සමාගමේ RDNA4 තාක්ෂණය සහිත ලොව පළමු ජංගම ග්‍රැෆික් ප්‍රොසෙසරය ඇතුළත් කරන බව එම සමාගම දැන් තහවුරු කරලා තියෙනවා. 

තමන්ටම ආවේණික චිප්ස් (chips) නිෂ්පාදනය කරමින් ස්වාධීනත්වයක් ලබාගැනීමට දකුණු කොරියානු තාක්ෂණික දැවැන්තයා දරන උත්සාහයේ මේක ලොකු සන්ධිස්ථානයක් විදිහටයි සැලකෙන්නේ.

පසුගිය දෙසැම්බර් 19 වැනිදා නිල වශයෙන් හඳුන්වා දුන් Exynos 2600 චිප්සෙට් පද්ධතිය, AMD සමාගමේ RDNA4 තාක්ෂණය පදනම් කරගත් MGFX4 ආකෘතියෙන් (architecture) නිපදවූ Xclipse 960 GPU සමග නිර්මාණය කරලා තියෙන බව The Korea Herald පුවත් සේවාව වාර්තා කරලා තියෙනවා. 

AMD සමාගම 2025 පෙබරවාරි මාසයේදී මුලින්ම ඩෙස්ක්ටොප් ග්‍රැෆික් කාඩ් සඳහා හඳුන්වා දුන් මේ RDNA4 තාක්ෂණය, ස්මාර්ට්ෆෝන් භාවිතය සඳහා යොදාගත්තු පළමු අවස්ථාව Galaxy S26 ස්මාර්ට්ෆෝනය විධියටයි සැලකෙන්නේ.

මෙහි ඇති විශේෂත්වය වෙන්නේ මෙම GPU එකේ සැකසුම (layout) සැම්සුන් ඉංජිනේරුවන් විසින්ම නිර්මාණය කිරීමයි. නමුත් එහි මූලික තාක්ෂණය (base architecture) තවමත් AMD සමාගමෙන්  ලබාගත් එකක්. 

The Korea Herald පුවත්පත පසුගිය සිකුරාදා වාර්තා කළේ, සැම්සුන් සමාගම තමන්ටම ආවේණික වූ GPU එකක් නිපදවා ගැනීමට දරන උත්සාහයේ ‘අතරමැදි අවධියක්’ (transitional phase) ලෙස මෙය හැඳින්විය හැකි බවයි.

සැම්සුන් සමාගමේ මීළඟ ඉලක්කය වෙන්නේ 2027 වසරේදී නිකුත් කරන Exynos 2800 චිප්සෙට් එක හරහා GPU නිර්මාණය වගේම එහි සම්පූර්ණ තාක්ෂණයත් (architecture) තමන් සතු කරගැනීමයි. මේ වැඩපිළිවෙළ වෙනුවෙන්ම ඔවුන් විශාල පළපුරුද්දක් තියෙන ඉංජිනේරුවන් පිරිසක් දැන් බඳවාගෙන තියෙනවා. 

ඒ අතරින් විශේෂම කෙනෙක් වෙන්නේ AMD සමාගමේ GPU අංශයේ හිටපු උප සභාපතිවරයෙක් වන ජෝන් රේෆීල්ඩ් (John Rayfield). ඔහු 2025 අගභාගයේදී සැම්සුන් කණ්ඩායම සමඟ එකතු වුණා.

උපුටා ගැනීම: vidya-gaweshana

Share This Article