අන්තර්ජාලය සියලු ජීවිත වල ධනාත්මක දියුණුවක් ඇති කරලා තිබුනත්, මිනිසුන්ගේ පුද්ගලිකත්වය ආක්‍රමණය කරමින් සිටිනවා.
අන්තර්ජාලයේ පවතින සමාගම් සහ වෙබ් අඩවි පරිශීලකයන්ගේ දත්ත විශාල ප්‍රමාණයක් රැස් කරන්න දායක වෙනවා. පරිශීලකයා අන්තර්ජාලය හරහා සෙවූ දේවල් සහ සිදු කළ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරමින් එම දත්ත වෙළඳ ප්‍රචාරණය සඳහා භාවිතා කරනවා.
අතීතයේදී සිය ඡායාරූප සහ පෞද්ගලික තොරතුරු පිට පුද්ගලයන් සමඟ මිනිසුන් බෙදා ගත්තේ හරිම අඩුවෙන්. නමුත් වර්තමානයේ බොහෝ දෙනෙක් පහසුවෙන්ම සමාජ ජාලාවේදිකා හරහා තමන්ගේ තොරතුරු පල කරන්න පුරුදු වී සිටිනවා. පුද්ගලික තොරතුරු, ඡායාරූප, යාවත්කාලීන තොරතුරු ආදිය පහසුවෙන්ම අන්තර්ජාලයට එකතු කරනවා. තෙවන පාර්ශ්වයන් පහසුවෙන්ම මෙම දත්ත වෙත ප්‍රවේශ වෙනවා. මේවා වෙළඳ ප්‍රචාරණය සඳහා භාවිතා කෙරෙන අතර ආරක්ෂක ගැටලුද මතු විය හැකිය.
කුකීස් ඇතුළු ලුහුබැඳීමේ තාක්ෂණය පරිශීලකයින්ගේ අනුදැනුමකින් තොරව ඔවුන්ගේ තොරතුරු වෙත ප්‍රවේශ වෙනවා.
කෙතරම් ආරක්ෂිතව සිය දත්ත අන්තර්ජාලයට ඇතුල් කළත්, මුර පද හරහා ආරක්ෂාව සලසා ගත්තත් හදිසි සයිබර් ප්‍රහාර සහ හැක් කිරීම් නිසා සංවේදී පුද්ගලික තොරතුරු තෙවන පාර්ශවයකට හෙළිදරව් වේ. යම්කිසි සමාගමක් හැක් කිරීමකට ලක් වූ විට එම සමාගම විශ්වාස කර තොරතුරු ඇතුළු කළ සියලු පුද්ගලයන්ගේ දත්ත අවදානමට ලක් වේ.
දේශීය සහ ජාත්‍යන්තර යන දෙපාර්ශවයම ආරක්ෂක හේතූන් මත පුද්ගලයන්ගේ පෞද්ගලික තොරතුරු නිරීක්ෂණය කිරීම දැකගත හැකිය. එයින් අනාගත ගැටුම් ඇතිවීම වළක්වාලීම අරමුණු කරගන්නා නමුත් පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වයට හානි සිදු වේ.
අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගැනීමේදී භාණ්ඩ විකිණීමට ඇති වෙබ් අඩවි වෙත ඔබගේ සංවේදී මූල්‍ය තොරතුරු ඇතුළු කරන්න සිදුවෙනවා. එම වෙබ් අඩවි ආරක්ෂිත වෙබ් අඩවි නොවේ නම් ඔබගේ මූල්‍ය තොරතුරු අවධානමට ලක් වෙනවා. සොරකම්, මුදල් අහිමි වීම් වැනි ගැටලුවලට මෙය මඟ පාදනවා.
නිවසක් තුළ ඇති ස්මාර්ට් ෆෝන්, ස්මාර්ට් ගෘහ භාණ්ඩ, පැළඳිය හැකි උපාංග ආදී ස්මාර්ට් උපාංග සංඛ්‍යාව වැඩි වන තරමට ඔබගේ පෞද්ගලිකත්වයට අභියෝගයක් එල්ල වෙනවා. මෙම ස්මාර්ට් උපාංග පරිශීලකයන්ගේ එදිනෙදා පුරුදු සහ ක්‍රියාකාරකම් පිළිබඳව දත්ත එකතුකර තෙවන පාර්ශවයන් වෙත සම්ප්‍රේෂණය කරවනවා.
වර්තමානයේ බොහෝ සමාගම් පරිශීලකයන්ගේ අවසරයකින් තොරව ඔවුන්ගේ තොරතුරු රැස්කර ඒවා වෙළඳාම් කටයුතු වෙනුවෙන් යොදා ගන්නවා. ඔබ එක් භාණ්ඩයක් සෙවූ විට එයට සම්බන්ධ භාණ්ඩ බොහෝමයක් ඔබට පෙන්වමින් ඔබගේ මිලදී ගැනීමේ පුරුදු වලට බලපෑම් එල්ල කරවනවා. ඒ සඳහා ඇඩ්වෙයාර්, ඔත්තු බැලීමේ මෘදුකාංග වැනි ශිල්පීය ක්‍රම යොදා ගන්නවා.
ස්මාර්ට් උපාංග ඒවා භාවිතා කරන පුද්ගලයන්ගේ චලනයන්, යන එන තැන් නිරීක්ෂණය කරනවා. ඔහු යන එන තැන්වල ස්ථානවල දත්ත රැස් කරමින් ඒවාට සම්බන්ධ තොරතුරු නැවත පෙන්වනු ලබනවා. මෙම තොරතුරු සමාන ආයතන වලට පෙන්වමින් අනිෂ්ට වෙලඳාම් කටයුතු සඳහා අනිසි ලෙස භාවිතා කරනවා.
උපුටා ගැනීම : tech expert
