Spotify හි නව Smart Reorder පහසුකම හරහා BPM මත පදනම් ව DJ කෙනෙකු මෙන් playlists සැකසීමේ අවස්ථාව හිමිවෙයි

Mic
By Mic

Spotify යෙදුමේ Mix විශේෂාංගයට නවතමයෙන් Smart Reorder පහසුකම එක් කර ඇත. මින් ගීතවල BPM සහ key අගයන් මත පදනම්ව ගීත අනුපිළිවෙල ස්වයංක්‍රීයව මනා ලෙස පෙළගස්වයි. මීට පෙර හඳුන්වා දුන් transitions විශේෂාංගය සමඟ එක්වූ විට මෙය automated DJ කෙනෙකු ලෙස ක්‍රියා කරයි.

Premium subscribers සඳහා පමණක් ඇති මෙය භාවිතයට playlist එකක් විවෘත කර Mix බොත්තම ඔබා Edit තෝරාගත යුතුය. ඉන්පසු එහි පහළින් ඇති Smart Reorder මගින් මෙය සක්‍රීය කළ හැක. නමුත් මෙය යෙදූ පසු ඔබේ පෙර playlist sorting සම්පූර්ණයෙන්ම වෙනස් වන බව සිහි තබා ගත යුතුය.

උපුටා ගැනීම : Techie Instants

Share This Article