මැජික් වගේ අලුත් දේවල් මවන: Generative AI

Mic
By Mic

ඔයා ChatGPT එකෙන් ප්රශ්නයක් ඇහුවම ඒක උත්තර දෙන වේගය දැකලා පුදුම හිතිලා නැද්ද? 😲 නැත්නම් වචන පේළියක් දුන්නම ලස්සන චිත්රයක් ඇඳලා දෙන Tools දැකලා තියෙනවද? අන්න ඒ “මැජික්” එකට තමයි අපි Generative AI කියලා කියන්නේ.

අද අපේ AI Challenge එකේ 8 වෙනි දවසේ කතා කරන්නේ, ලෝකයේ Job Market එක සහ නිර්මාණශීලීත්වය (Creativity) සම්පූර්ණයෙන්ම වෙනස් කරන මේ තාක්ෂණය ගැනයි. 👇

🤔 සාමාන්ය AI සහ Generative AI වෙනස මොකක්ද?

Traditional AI: මේක කරන්නේ තියෙන දත්ත විශ්ලේෂණය කරලා තීරණ ගන්න එක. (උදා: ඔයාගේ Email එකට එන Message එක Spam ද නැද්ද කියලා කියන එක).

Generative AI: මේක කරන්නේ තියෙන දත්ත ඉගෙනගෙන, “අලුත්ම දෙයක් නිර්මාණය කරන එක”. (උදා: අලුත් කවියක් ලිවීම, අලුත් රූපයක් ඇඳීම, අලුත් සංගීත නිර්මාණයක් කිරීම).

⚙️ කොහොමද මේක වෙන්නේ? මේක පිටුපස තියෙන්නේ LLMs (Large Language Models) සහ GANs (Generative Adversarial Networks) වගේ තාක්ෂණයන්. සරලව කිව්වොත්, එක AI කොටසක් නිර්මාණය කරනවා, අනිත් කොටස ඒක ඇත්ත එකක්ද කියලා පරීක්ෂා කරනවා. ඒ නිසා ප්රතිඵලය හරිම තාත්විකයි.

ඔයා Graphic Designer කෙනෙක්, Writer කෙනෙක් හෝ Content Creator කෙනෙක් නම්, ඔයාගේ වැඩ පැය ගානකින් අඩු කරගන්න මේක උදව් වෙනවා.

⚠️ පොඩි අවවාදයක්: මේ තාක්ෂණය සුපිරි වුනාට, පොඩි අවුල් ටිකකුත් තියෙනවා.

Hallucinations: සමහර වෙලාවට AI එක බොරු තොරතුරු ඉතාම විශ්වාසයෙන් කියන්න පුළුවන්.

Copyright: වෙනත් නිර්මාණකරුවන්ගේ දත්ත වලින් ඉගෙන ගන්න නිසා කර්තෘ හිමිකම් ගැටළු එන්න පුළුවන්. ඒ නිසා AI දෙන දේ හැමවෙලේම ආයේ Verify කරන්න!

💡 Tech Deiyo Tip: ලස්සන පින්තූරයක් හදාගන්න Gemini එකේ මේ Prompt එක Type කරලා බලන්න: “A vibrant Sri Lankan landscape with ancient temples and elephants, in the style of digital art, high resolution.”

ඔයාලා Generative AI (ChatGPT/Gemini/Midjourney) පාවිච්චි කරලා මුලින්ම කරපු වැඩේ මොකක්ද? Comment එකක් දාගෙන යමු! 👇

උපුටා ගැනීම: TECH DEIYO

Share This Article