මේ තමයි Microsoft සමාගම Openclaw භාවිතා කරල හදපු Microsoft Scout ![]()
මේකේ ඊයේ තමයි පළමුවරට හඳුන්වා දුන්නේ. Scout කියන්නේ Openclaw ආභාෂයෙන් හදපු Microsoft සමාගමේ අළුත්ම Agentic AI Assistant.
Scout ගේ විශේෂතා බලමු.
1. පුද්ගලීකරණය
අපිට Scout එකට නමක් දෙන්න පුළුවන් (උදා: Lakshan). මෙයා අපි වැඩ කරන රටාව, quirks (විශේෂ ලක්ෂණ) සහ රුචිකත්වයන් ඉගෙන ගෙන කාලයත් සමග වඩාත් හොඳින් අපිට ගැලපෙන ආකාරයට Improve වෙනවා.
2. මතකයන් සහ Skills
අපි දෙන feedback එක මත පදනම්ව අළුත් මතක සහ Skills ගොඩනඟා ගන්නවා.
3. Cloud පදනම් වුණත්, Desktop සහ Web browser දෙකේම වැඩ කරනවා. අපේ email, calendar, Microsoft 365 ඇතුළු පද්ධති සමග සම්බන්ධ වෙනවා.
4. Calendar කළමනාකරණය, meeting agenda draft කිරීම වගේ දේවල් කලින්ම සකස් කරපු Skills විදිහට ඇඩ් වෙලා තියෙනවා.
5. OpenClaw එකේ තිබූ Security Holes වළක්වා ගැනීමට Policy Conformance System එකක් තිබෙනවා. ඒකෙන් නිරතුරුව Agent කරන දේවල් චෙක් කරනවා සහ audit trail එකක් නිර්මාණය කරනවා.
මේක Test කරල බලන්න නම් ඔයාට Microsoft Frontier program එකට Join වෙන්න වෙනවා සහ Github Copilot Subscription එකක් අවශ්‍ය වෙනවා.
Microsoft උත්සාහ කරන්නේ OpenClaw එකේ තිබූ බලවත් agent හැකියාව ආරක්ෂිතව සහ Microsoft ecosystem එක තුළට ගෙන ඒමයි. ඒ කියන්නේ සාම්ප්‍රදායික chatbot එකකට වඩා, ඔබේ ජීවිතයේ සැබෑ පුද්ගලික සහායකයෙකු ලෙස ක්‍රියා කරන AI එකක් නිර්මාණය කිරීමයි තමයි මෙයාලගේ අරමුණ.
උපුටා ගැනීම :Lakshan Weerasingha
