WhatsApp Scam වලින් ආරක්ෂා වෙමු!

Mic
By Mic

​වර්තමානයේ WhatsApp හරහා සිදුවන විවිධ මුල්‍ය වංචා සහ ගිණුම් හැක් කිරීම් (Hacking) ප්‍රමාණය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඔබත් මෙන්න මේ කරුණු ගැන සැමවිටම අවධානයෙන් සිටින්න:

​Two-Step Verification සක්‍රීය කරන්න: ඔබේ WhatsApp Settings වලට ගොස් ‘Two-step verification’ සක්‍රීය කර PIN අංකයක් ලබා දෙන්න.

මෙය ඔබගේ ගිණුමේ ආරක්ෂාව තහවුරු කරයි.

​OTP කේත කිසිවිටෙකත් හුවමාරු නොකරන්න:

ඔබ ඉල්ලීමක් නොකර ලැබෙන කිසිදු Verification Code එකක් හෝ OTP අංකයක් දුරකථන ඇමතුම් හෝ පණිවිඩ හරහා වෙනත් අයෙකුට ලබා නොදෙන්න.

​අනන්‍යතාවය තහවුරු කරගන්න:

හිතවතෙකුගේ හෝ නෑදෑයෙකුගේ රූපය (DP) සහිත ගිණුමකින් හදිසියේ මුදල් ඉල්ලා පණිවිඩයක් ලැබුණහොත්, වහාම ඔහුට දුරකථන ඇමතුමක් ලබා දී එය සත්‍යයක්දැයි විමසන්න.

​සැකකටයුතු ලින්ක් (Links) ක්ලික් නොකරන්න:

නොමිලේ දීමනා, තෑගි හෝ රැකියා අවස්ථා ලබා දෙන බව පවසමින් එවන අමුතු වෙබ් අඩවි ලින්ක් මත ක්ලික් කිරීමෙන් වළකින්න.

​Unknown Numbers බ්ලොක් කරන්න: විදේශීය අංක වලින් (+92, +234 වැනි) ලැබෙන සැකකටයුතු ඇමතුම් හෝ පණිවිඩ වලට ප්‍රතිචාර නොදක්වා ඒවා Block කිරීමට පියවර ගන්න.

​සැමවිටම බුද්ධිමත් වන්න, ඔබගේ දත්ත සහ මුදල් ආරක්ෂා කරගන්න! 💡

තව කෙනෙකුට දැන ගන්න post එකත් Share කරන්න

උපුටා ගැනීම: Smart Vision

Share This Article