තාක්ෂණික වැඩ්ඩන්ට සහ ඉංජිනේරුවන්ට නාසා යන්න මේකයි චාන්ස් එක
නාසා (NASA) කියන්නේ ලෝකේ තියෙන සුපිරිම අභ්‍යවකාශ ආයතනය කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. ඉතින් මෙයාලා ඇමරිකාවේ OPM (Office of Personnel Management) එකත් එක්ක එකතු වෙලා අලුත්ම වැඩක් පටන් අරන් තියෙනවා. ඒකෙ නම තමයි “NASA Force” (නාසා ෆෝර්ස්). ![]()
![]()
මේකෙන් කරන්නේ මොකක්ද දන්නවද? ඇමරිකාවේ ඉන්න දක්ෂතම IT වැඩ්ඩො, ඉංජිනේරුවෝ සහ තාක්ෂණික විශේෂඥයෝ එකතු කරගෙන වෙනමම සුපිරි කණ්ඩායමක් හදන එක. මේක ඇවිල්ලා නිකන්ම නිකන් රස්සාවක් නෙවෙයි. අභ්‍යවකාශ ගවේෂණ වලට වගේම, සොෆ්ට්වෙයාර් ඩිවලොප්මන්ට් (Software development), නෙට්වර්ක් හැන්ඩ්ලින් (Network handling) සහ අතිනවීන පර්යේෂණ එක්ක ගැටෙන, ලෝකේ වෙනස් කරන අයට ලැබෙන සුපිරිම අවස්ථාවක්! ![]()
![]()
ඇත්තටම මේක ඇමරිකාවේ තියෙන “US Tech Force” කියන වැඩසටහනේම විශේෂ දිගුවක් විදියටයි පටන් අරන් තියෙන්නේ. අභ්‍යවකාශ වැඩ වලටම වෙන් වෙච්ච වෙනමම ටීම් එකක් කිව්වොත් හරි. ![]()
![]()
මේ ගැන නාසා ප්‍රධානී ජරෙඩ් අයිසැක්මන් (Jared Isaacman) කියන්නේ, ඇමරිකාව අභ්‍යවකාශයෙන් ලෝකෙම ඉස්සරහින් තියන්න නම් අනිවාර්යයෙන්ම මේ වගේ අසාමාන්‍ය දක්ෂතා තියෙන අය ඕනේ කියලයි. ඒ වගේම OPM අධ්‍යක්ෂ ස්කොට් කුපර් (Scott Kupor) කියන විදියට, ලෝකේ තියෙන දරුණුම සහ සංකීර්ණම තාක්ෂණික අභියෝග වලට මුහුණ දෙන්න කැමති අයට මේක සුපිරිම ආරාධනාවක් වෙනවා. ![]()
![]()
කෙටියෙන්ම කිව්වොත්, අනාගතයේ අභ්‍යවකාශය ජයගන්න NASA එකට අලුත්ම ජවයක් දෙන්න තමයි මේ “NASA Force” එක හදලා තියෙන්නේ!
උපුටා ගැනීම : Review By Sankalpa
