Samsung Message සේවාව ජූලි ඉඳල සම්පූර්ණ නතර කරන්න තීරණය කරල තියෙනවා. ඒ කියන්නේ ජූලි වල ඉඳල Samsung Message App එක Galaxy Store වලින් සම්පූර්ණයෙන්ම අයින් වෙනවා.
Samsung සමාගම Samsung Message වෙනුවට Google message වෙත මාරු වෙන නිසා තමයි මේ විදිහට මේ සේවාව නවත්වන්න තීරණය කරල තියෙන්නේ.
කාටද බලපාන්නේ?
Android 12 සහ ඊට ඉහළ Galaxy දුරකථනවලට (Galaxy S26 එකට දැනටම මේක Block කරල තියෙනවා ).
Android 11 හෝ ඊට පහත අනුවාදවල ඇති පරණ දුරකථනවලට බලපාන්නේ නැහැ (ඒවාට තවමත් Samsung Messages භාවිතා කරන්න පුළුවන්).
Tizen OS වල ඇති Samsung Watch වලටත් බලපානවා.
Google Messages හිතා ඇති වාසි
AI-powered scam detection සහ spam filters – වංචාකාර පණිවිඩ හඳුනාගෙන Block කරනවා.
RCS messaging – Android සහ iOS අතර ඉහළ ගුණාත්මක මාධ්‍ය බෙදාගැනීම, Group Chat වැඩිදියුණු කිරීම.
Gemini AI features – Image remix කිරීම, smart replies ආදිය.
Multi-device connectivity
මේ නිසා Samsung සමාගමට වෙනම Message App එකක් නඩත්තු කරනවට වඩා Google Message App එකම use කරන එක පහසුයි සහ ලාභදායි.
මේ වෙද්දි ඔයාල Samsung Message App එක භාවිතා කරනව නම් Notification එනවා ඇති Google message වලට මාරු වෙන්න කියල.
උපුටා ගැනීම : Lakshan Weerasingha
