දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ඇමරිකාව රහසිගත මෙහෙයුමක් දියත් කළා කියලා ඔබ දන්නවාද? “Operation Paperclip” කියලා හඳුන්වන මේ මෙහෙයුමෙන්, ඇමරිකාව ජර්මනියේ හිටපු නාසි (Nazi) විද්‍යාඥයන් සහ ඉංජිනේරුවන් 1,600කට වඩා තමන්ගේ රටට ගෙන්වා ගත්තා. මේකට ප්‍රධාන හේතුව වුණේ සීතල යුද්ධය (Cold War) කාලයේදී සෝවියට් දේශයට වඩා තාක්ෂණයෙන් ඉස්සරහට ගිහින් ලෝක බලවතා වෙන එකයි.
මේ ගෙනාපු අයගෙන් ලෝක ඉතිහාසයම වෙනස් කළ කෙනෙක් තමයි වර්නර් ෆොන් බ්රෝන් (Wernher von Braun). ඔහු තමයි 1969 දී ඇපලෝ 11 (Apollo 11) යානයෙන් මිනිස්සු සඳට ගෙනියන්න පාවිච්චි කරපු දැවැන්ත “සැටර්න් V” (Saturn V) රොකට්ටුව නිර්මාණය කළේ. මේ නාසි විද්‍යාඥයන්ගේ දැනුම නිසා ඇමරිකාවට ඩොලර් බිලියන 10ක පමණ වටිනා අතිවිශාල තාක්ෂණික වාසි අත්වුණා.
හැබැයි මේ කතාවේ ගොඩක් අඳුරු, කණගාටුදායක පැත්තකුත් තියෙනවා. මේ ගෙනාපු ගොඩක් විද්‍යාඥයන් දරුණු යුද අපරාධවලට සහ මිනිසුන් 20,000ක් පමණ මියගිය කඳවුරුවල වහල් සේවයට සම්බන්ධ වුණු අයයි. හැබැයි ඇමරිකානු රජය මේ අයගේ අඳුරු අතීතය වසන් කරලා, ඔවුන්ගේ ලිපිගොනු පිරිසිදු කරලා (Paperclips වලින් ලකුණු කරලා) ඔවුන්ට නිදහස ලබා දුන්නා. යුක්තිය ඉටු කරනවාට වඩා ලෝකයේ බලවතා වෙන එක ඇමරිකාවට එදා වැදගත් වුණා.
උපුටා ගැනීම : Beyond Imagination – නොසිතූ ලොවක්
