Suno වගේ AI ටූල්ස් පාවිච්චි කරලා ලේසියෙන්ම සින්දු හදලා Spotify, Apple Music වලට දාලා සල්ලි හොයන්න හිටපු අයට දැන් ඒක ටිකක් අමාරු වෙන්නයි යන්නේ.
මොකක්ද මේ අවුල?
• Deezer, Qobuz වගේ platforms වලින් මේ වෙනකොටත් AI වලින් හදපු සින්දු වලට සල්ලි ගෙවන එක (monetization) නතර කරලා තියෙනවා. විශේෂයෙන්ම Deezer එකෙන් AI සින්දු වලින් 85%කටම ගෙවන එක නතර කරලා!
• මේ AI සින්දු, සාමාන්‍ය මිනිස්සුන්ට recommendation වල පෙන්නන එක සහ playlists වලට දාන එකත් මේ platforms වලින් නවත්තලා දාලා තියෙන්නේ.
• මෙයාලත් අලුත් නීති ගෙනත් තියෙනවා. Spotify එකෙන් දැනටමත් spammy AI tracks මිලියන 75ක් අයින් කරලා.
• එක දවසකට Deezer එකට විතරක් අලුතින් AI සින්දු 75,000ක් අප්ලෝඩ් වෙනවා. හැබැයි මිනිස්සු ඒවා අහන්නේ 1-3%ක් විතරයි.
YouTube එකේ නම් තාමත් AI සින්දු දාන්න පුළුවන්, හැබැයි අනිවාර්යයෙන්ම ඒක AI එකක් කියලා Disclosure එකක් දාන්න ඕනේ. නැත්නම් චැනල් එකේ සල්ලි හම්බවෙන එක නවතින්න පුළුවන්.
උපුටා ගැනීම : TECH SONA
