ඔයා කරන Computer Work එක AI එකට බලාගෙන ඉගෙනගන්න දෙමුද?

Mic
By Mic

දිනපතා computer එකේ එකම වැඩ නැවත නැවත කරන එකෙන් කම්මැලි වෙලාද? Files organize කිරීම, forms fill කිරීම, emails manage කිරීම, dashboards update කිරීම, websites navigate කිරීම වගේ repetitive tasks වලට ගොඩක් වෙලාව වැය වෙනවාද? දැන් imagine කරන්න… ඔයා screen එකේ කරන වැඩ AI agent එකක් බලාගෙන ඉගෙනගෙන, ඊළඟට ඒ වැඩ ඔයා වෙනුවෙන් automatically කරනවා කියලා. මේ futuristic concept එක reality එකක් කරලා තියෙන්නේ “AgentHandover” කියන open-source AI project එකයි.

AgentHandover කියන්නේ AI agents train කරන්න පුළුවන් smart automation framework එකක්. මෙහිදී AI එකට commands දීලා hard-code rules ලියනවා වෙනුවට, userගේ actual workflow එක screen recording සහ interaction observation හරහා learn කරනවා. ඒ කියන්නේ mouse movements, clicks, typing patterns සහ application usage analyze කර AI agent එක human workflow එක replicate කරන්න පටන් ගන්නවා.

මෙම system එකේ ප්‍රධාන විශේෂත්වය වන්නේ “watch and learn” approach එක. සාමාන්‍ය automation tools වලදී developers ලාට scripts සහ workflows manually configure කරන්න වෙනවා. නමුත් AgentHandover එකේදී AI එක user behavior observe කර task patterns automatically understand කරනවා. මේ නිසා non-technical users ලාටත් automation build කිරීම පහසු වෙනවා.

උදාහරණයක් ලෙස, ඔයා දිනපතා spreadsheets update කරනවා නම්, AI agent එක ඒ process එක observe කරගෙන ඊළඟට data copy කිරීම, forms fill කිරීම සහ reports generate කිරීම automatically කරන්න ඉගෙන ගන්නවා. Websites navigate කරන workflow එකක් වුණත්, applications අතර switching කරන process එකක් වුණත් AI එක replicate කරන්න පුළුවන්.

AgentHandover project එක AI-powered digital employees concept එකටත් ඉතා සමීපයි. Repetitive office tasks automate කිරීම නිසා productivity එක significantly increase වෙනවා. Developers, content creators, office workers සහ researchers වැනි බොහෝ දෙනාට තම daily workflows AI agents වලට handover කිරීමේ හැකියාව මෙය ලබාදෙනවා.

මෙහි තවත් වැදගත් පැත්තක් වන්නේ AI agents human interaction patterns එකෙන් directly learn කිරීමයි. Traditional bots predefined rules follow කරන අතර, AgentHandover වගේ systems adaptive learning approach එකක් භාවිතා කරනවා. ඒ නිසා dynamic interfaces සහ changing workflows වලටත් better adaptability එකක් ලැබෙනවා.

අද AI technology autocomplete සහ chatbots වලින් ඉදිරියට ගොස් “digital workforce” එකක් බවට පත්වෙමින් තිබෙනවා. AgentHandover වගේ projects නිසා future workplaces වල repetitive computer tasks බොහොමයක් AI agents handle කරන යුගයක් බොහෝ දුර නොවන බව tech community එක විශ්වාස කරනවා.

උපුටා ගැනීම : Buwa Thoughts

Share This Article