අවුරුදු ගාණක් තිස්සේ ලංකාවේ අපි බලාගෙන හිටපු ලොකුම දේ අන්තිමට වෙලා තියෙනවා. 2026 මැයි 15 වෙනිදා ඉඳන්, අපිට PayPal හරහා පිටරටින් සල්ලි අරගෙන (Inward Remittances), ඒවා කෙලින්ම අපේ ලංකාවේ බැංකු වලට දාගන්න “Full Service” එක නිල වශයෙන්ම හම්බෙලා තියෙනවා.
කලින් වගේ Fake විදිහට ෆිලිපීන්ස් හරි මැලේසියා හරි Address දාලා PayPal හදලා සල්ලි හිරවෙයි කියලා බයේ ගැහෙන්න ඕනේ නෑ. ඔන්න මේ අලුත් අප්ඩේට් එක ගැන හැමදේම සරලව:
1. මොකක්ද බන් මේ PayPal කියන්නේ? (සරලවම)
PayPal කියන්නේ අන්තර්ජාලය හරහා ආරක්ෂිතව සල්ලි යවන්න සහ ගන්න පුළුවන් Digital Wallet එකක් (ඩිජිටල් පර්ස් එකක්).
හිතපන් උඹට පිටරටකට සල්ලි ගෙවන්න හරි, පිටරටින් සල්ලි ගන්න හරි ඕනේ කියලා. හැමවෙලේම උඹේ බැංකු කාඩ් එකේ නම්බර් එක අනිත් එකාට දෙන්න ඕනේ නෑ. PayPal එකට උඹේ කාඩ් එක හරි බැංකුව හරි ලින්ක් කළාම, උඹේ PayPal Email එක විතරක් පාවිච්චි කරලා සල්ලි ගනුදෙනු කරන්න පුළුවන්. අනිත් එකාට උඹේ කාඩ් ඩීටේල්ස් පේන්නේ නෑ. පට්ටම ආරක්ෂිතයි.
2. කලින් තිබ්බ අවුල මොකක්ද? (Send-Only)
අවුරුදු 10කටත් වඩා වැඩි කාලයක්, ලංකාවේ අපිට PayPal එකෙන් සල්ලි “යවන්න” (Payment කරන්න) විතරයි පුළුවන් වුණේ. පිටරටින් කවුරුහරි අපිට සල්ලි එව්වොත්, ඒක අපේ ලංකාවේ බැංකු වලට ගන්න (Withdraw කරන්න) බැරි වුණා. ඒ නිසා ගොඩක් උන් කළේ රට ඉන්න යාලුවන්ගේ එකවුන්ට්ස් පාවිච්චි කරපු එක හරි, ලොකු ගාණක් කපාගන්න තුන්වෙනි පාර්ශ්වයන්ට සල්ලි දීපු එක.
3. දැන් වෙන්නේ කොහොමද? (Receive & Withdraw)
ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) නියාමනය යටතේ දැන් අපිට කෙලින්ම ලංකාවේ PayPal එකවුන්ට් එකට සල්ලි ගන්න පුළුවන්. ඒ වගේම ඒ සල්ලි:
Bank of Ceylon (BOC)
Commercial Bank
Sampath Bank
වගේ මේකට එකතු වෙලා තියෙන ලංකාවේ ප්‍රධාන බැංකු වලට කෙලින්ම Withdraw කරන්න පුළුවන්.
4. ලින්ක් කරන්නේ කොහොමද? (Step-by-Step)
paypal.com/lk ගිහින් උඹේ ඇත්ත නම, ID නම්බර් එක දාලා ලංකාවේ PayPal එකවුන්ට් එකක් හදපන් (ෆ්‍රීලාන්ස් කරනවා නම් Business Account එකක් හදන එක හොඳයි).
උඹේ ලංකාවේ Visa/Master කාඩ් එකක් ඒකට ඇඩ් කරලා වෙරිෆයි කරපන්.
අර උඩ කිව්ව බැංකු වල ( Commercial, Sampath) Online Banking App එකට ගිහින්, ඒකේ තියෙන “International Services / PayPal” වගේ ඔප්ෂන් එකක් හරහා උඹේ PayPal එක ලින්ක් කරපන්. (කෙලින්ම PayPal එකේ Bank account නම්බර් ගහනවාට වඩා මේකයි ආරක්ෂිත ක්‍රමය)
සල්ලි ආවම PayPal එකේ “Transfer to your bank” දීලා අර ලින්ක් කරපු ලංකාවේ බැංකුවට සල්ලි ටික දාගන්න පුළුවන්!
5. Fee එක කොහොමද කපන්නේ?
මේක තමයි ගොඩක් උන් අහන්නේ. PayPal එකෙන් සල්ලි ගද්දි උන් ගාණක් කපාගන්නවා
Receiving Fee: පිටරටින් උඹට සල්ලි එද්දී සාමාන්‍යයෙන් 4.40% ක් වගේ ගාණකුයි, ඩොලර් සත ගාණකුයි කපාගන්නවා. (උදාහරණයක් විදිහට $100ක් එව්වොත් උඹට එන්නේ $95.30 ක් වගේ).
Currency Conversion: උඹ ඩොලර් වලින් තියෙන සල්ලි ලංකාවේ රුපියල් (LKR) වලට හරවලා බැංකුවට ගද්දි, ඒ වෙලාවේ තියෙන මාකට් රේට් එකට වඩා 3% – 4% ක වගේ අඩුවෙන් තමයි රේට් එක හැදෙන්නේ. ඒක තමයි උන්ගේ ලාභය.
පොඩි උපදෙසක්. උඹ ක්ලයන්ට් කෙනෙක්ට ගාණක් කියද්දී මේ කපාගන්න Fee එකත් එකතු කරලා කියපන්.
6. Seller Protection (ආරක්ෂාව)
උඹ ෆ්‍රීලාන්ස් කරලා මොනවා හරි ඩිජිටල් ප්‍රොඩක්ට් එකක් හරි සර්විස් එකක් හරි දීලා සල්ලි ගද්දි, ක්ලයන්ට් එකපාරටම සල්ලි ආපහු ඉල්ලුවොත් (Chargeback) PayPal එකෙන් උඹට ආරක්ෂාව දෙනවා. හැබැයි ඒකට උඹ ගාව උඹ වැඩේ කරලා දුන්නා කියලා ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි (Invoices/Emails) තියෙන්න ඕනේ.
දැන් ඉතින් පිටරට උන්ට සර්විස් දීලා සල්ලි ගන්න වෙන වෙන වංගු ගහන්න ඕනේ නෑ. මේක අපේ ඩිජිටල් කොල්ලොන්ට පට්ටම වාසියක්!
උඹලත් දැනටමත් ලංකාවේ බැංකුවට ලින්ක් කරාද? ගැටළුවක් තියෙනවා නම් පල්ලෙහායින් කමෙන්ට් කරපන්
අනිවාර්යයෙන්ම ෆ්‍රීලාන්ස් කරන, ඔන්ලයින් සල්ලි හොයන හැම යාලුවෙක්ටම බලන්න මේක Share කරපන්.
උපුටා ගැනීම : TECH SONA
