Google සහ OpenAI හොල්ලන්න Microsoft එකෙන් ආපු අලුත්ම AI සුපිරි බලවතා MAI-Image-2.5

Mic
By Mic

AI ලෝකය ඇතුළේ ලොකුම පෙරළියක් කරමින් MicrosoftAI සමාගම ඔවුන්ගේ අලුත්ම Model එක වෙන MAI-Image-2.5 (Preview) එළිදක්වලා තියෙනවා. මේ අලුත් Update එකත් එක්ක ඔවුන් මුළු AI ලෝකයම පුදුම කරන්න සමත් වෙලා තියෙනවා.

ප්‍රසිද්ධ Text-to-Image Arena ශ්‍රේණිගත කිරීම් අතරේ ලකුණු 1254 ක් ලබාගෙන ලෝකයෙන්ම 3 වෙනි ස්ථානය දිනාගන්න මේ අලුත් Model එක සමත් වෙලා තියෙනවා. මේක ඔවුන්ගේ කලින් තිබුණු MAI-Image-2 Model එකට වඩා ලකුණු 72 ක සෑහෙන ලොකු ඉදිරියට යෑමක් විදිහට හඳුන්වන්න පුළුවන්.

මෙච්චරකල් Text-to-Image පැත්තෙන් ලෝකයේ ඉහළම තැන් 5 වෙන් වෙලා තිබුණේ GoogleDeepMind සහ OpenAI වගේ දැවැන්තයින්ට විතරයි. හැබැයි දැන් MicrosoftAI එක ඒ සීමාවන් බිඳලා දාලා මේ සුපිරි තරඟයට අලුත් විදිහකින් එකතු වෙලා තියෙනවා.

ඉතින් මේ වගේ ලස්සනට සහ නිවැරදිව රූප නිර්මාණය කරන්න පුළුවන් අලුත් MicrosoftAI Model එක ගැන ඔයා මොකද හිතන්නේ? මේක Google සහ OpenAI වලට ලොකු අභියෝගයක් වෙයිද? පහළින් කමෙන්ට් කරන්න.

Shalinda Jayasinghe

Share This Article