Anthropic සමාගම විසින් Mac භාවිතා කරන කුඩා ව්‍යාපාර සඳහා නව Claude පහසුකමක් හඳුන්වා දෙයි

Mic
By Mic

Anthropic සමාගම කුඩා ව්‍යාපාරිකයන්ට AI තාක්ෂණය පහසුවෙන් භාවිත කිරීමට Claude for Small Business නමින් නව පහසුකමක් හඳුන්වා දී තිබෙනවා. මෙය Claude desktop app හරහා ක්‍රියාත්මක වන අතර Mac පරිගණක භාවිතා කරන්නන්ට මෙය වඩාත් පහසුවෙන් ලබාගත හැක.

මෙමගින් ව්‍යාපාරිකයන් දැනටමත් භාවිත කරන Intuit Quickbooks, PayPal, HubSpot, Canva, Docusign, Google Workspace සහ Microsoft 365 වැනි මෘදුකාංග සමඟ Claude සම්බන්ධ කෙරේ. එමගින් payroll සැකසීම, මාසික ගිණුම් පියවීම සහ invoices නිරීක්ෂණය වැනි කාර්යයන් ඉතා කාර්යක්ෂමව සිදුකළ හැක.

මීට අමතරව, ව්‍යාපාරිකයන්ට AI පිළිබඳව ඉගෙන ගැනීමට වීඩියෝ දේශන ඇතුළත් නොමිලේ පාඨමාලාවක්ද Anthropic විසින් ලබාදෙනු ලබයි.

උපුටා ගැනීම : Techie Instants

Share This Article