Spam Links / Scam Websites හඳුනාගන්නේ කොහොමද?

Mic
By Mic

අද Facebook, WhatsApp, Telegram, TikTok හැමතැනම

“Gift එකක් දිනලා 🎁

“Account verify කරන්න ⚠️

“Free recharge 💸

වගේ links එනවා.

හැබැයි මේවගෙන් ගොඩක් Scam 😬

ඉතින් සාමාන්‍ය user කෙනෙක්ටත් තේරෙන විදිහට බලමු 👇

━━━━━━━━━━━━━━━

✅ 1. Website URL එක හොඳට බලන්න

Original: facebook.com

Fake: faceb00k-login.xyz

fb-freegift.net

amaz0n-offer.click

👉 අකුරු වෙනස් කරලා fake sites හදනවා.

━━━━━━━━━━━━━━━

✅ 2. “Free Gift / Urgent” කියලා බය කරයි

❌ “ඔබගේ Account එක අදම lock වෙනවා” ❌ “iPhone එකක් දිනාගන්න මෙතන click කරන්න” ❌ “Free Dialog Data”

👉 Scam links වල common trick එක urgency 😵

━━━━━━━━━━━━━━━

✅ 3. HTTPS 🔒 තිබුණත් Safe කියලා හිතන්න එපා

🔒 lock icon එක තිබ්බා කියලා website එක legit කියලා guarantee නෑ.

Scammers ලත් SSL certificates use කරනවා.

━━━━━━━━━━━━━━━

✅ 4. Strange Domain Extensions ⚠️

පහත වගේ domains වලට සැලකිලිමත් වෙන්න:

.xyz

.top

.click

.live

.vip

හැම එකම scam නෙවෙයි.

හැබැයි suspicious links ගොඩක් මේවා use කරනවා.

━━━━━━━━━━━━━━━

✅ 5. Login කරන්න කලින් දෙවරක් හිතන්න

Facebook / Google / Bank login page එකක් වගේ පේන site එකකට:

❌ Password

❌ OTP

❌ Card Details

දෙන්න එපා.

━━━━━━━━━━━━━━━

✅ 6. Link එක click කරන්න කලින් Preview බලන්න 👀

Mobile එකේ link එක long press කරලා preview බලන්න පුළුවන්.

Computer එකේ mouse hover කරලා real URL එක බලන්න.

━━━━━━━━━━━━━━━

✅ 7. Too Good To Be True = Scam 🚫

“රු 50,000 free” “Netflix free lifetime” “Free diamonds”

👉 ගොඩක් වෙලාවට data හොරකම් කරන්න කරන tricks.

━━━━━━━━━━━━━━━

🛡️ Safe ඉන්න Tips

✔ Official apps / websites විතරක් use කරන්න

✔ 2FA enable කරන්න

✔ Unknown links avoid කරන්න

✔ Browser warnings ignore කරන්න එපා

✔ Friends send කරපු links උනත් check කරන්න

━━━━━━━━━━━━━━━

⚠️ මතක තියාගන්න:

“Click එකක්” නිසා

ඔයාගේ Facebook account එක, bank details, photos, passwords ඔක්කොම risk වෙන්න පුළුවන් 😶

ඒ නිසා link එකක් open කරන්න කලින් පොඩ්ඩක් හිතන්න

උපුටා ගැනීම : TECSUB

Share This Article