Lyria 3.

Mic
By Mic

Google DeepMind එකෙන් Music AI space එකට release කරපු අලුත්ම update එක තමයි Lyria 3. ගොඩක් අය බලාගෙන හිටපු මේ model එක දැන් directly Gemini App එක හරහා වගෙම YouTube Dream Track feature එක හරහා use කරන්න පුළුවන් විදියට roll out කරලා තියෙනවා. කලින් තිබ්බ models වගේ නෙවෙයි මේක background music හදන tool එකක් නෙවෙයි vocals, lyrics සහ high-fidelity audio generate කරන්න පුළුවන් multimodal capabilities තියෙන powerful model එකක් විදිහට තමයි ඇවිත් තියෙන්නේ විශේෂයෙන්ම Content Creators ලට මේක ලොකු advantage එකක් වෙන්න පුලුවන්

​Lyria 3 වල තියෙන ලොකුම විශේෂත්වය තමයි ඒකේ Multimodal Input Capability එක. අපිට text prompt එකක් දීලා විතරක් නෙවෙයි video clip එකක් හරි image එකක් upload කරලා ඒකට ගැලපෙන soundtrack එකක් generate කරගන්න පුළුවන් example විදියට ඔයා rainy day video එකක් upload කළාම model එක ඒ video එකේ mood එක analyze කරලා ඒකට හරියන lo-fi beat එකක් හරි melancholic jazz track එකක් generate කරනවා මේක audio-to-audio වගෙම video-to-audio generation අතර තියෙන ලොකු gap එකක් fill කරන feature එකක් වෙලා තියෙනවා

​කලින් තිබ්බ MusicLM වගේ models ගොඩක් දුරට instrumental tracks වලට limit වෙලා තිබුණට Lyria 3 එකට පුළුවන් realistic vocals සහ coherent lyrics generate කරන්න User කෙනෙක්ට prompt එකේ දෙන topic එකට අනුව (e.g., “a song about a futuristic city”) lyrics auto-generate වෙනවා. Google DeepMind එකෙන් කියන විදියට මේකේ vocal fidelity එක ගොඩක් improve කරලා තියෙනවා ඒ කියන්නේ robotic sound එක අඩුවෙලා natural human singing style එකට ගොඩක් ළඟින් යන output එකක් ලැබෙනවා හැබැයි දැනට මේක 30-second tracks වලට limit කරලා තියෙන්නේ copyright සහ computational cost එක manage කරන්න.

ඒ වගෙම Music AI industry එකේ ලොකුම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ Copyright සහ Deepfakes. මේකට solution එකක් විදියට Google එක Lyria 3 එක්ක SynthID technology එක integrate කරලා තියෙනවා. Generate කරන හැම track එකකම අපිට ඇහෙන්නේ නැති (inaudible) digital watermark එකක් embed වෙනවා. මේකෙන් පුළුවන් මේ content එක AI-generated ද කියලා identify කරන්න. ඒ වගේම, specific artists ලගේ styles mimic කරන එක (unless authorized inside Dream Track) block කරන්න filters දාලා තියෙනවා. මේක creative industry එකේ ethical AI usage එකට ගොඩක් වැදගත් step එකක් කියන්නත පුලුවන්

ඉතින් ​Lyria 3 try කරන්න මොකද ඒක ඔයාගේ creative workflow එකේ කොටසක් වෙන්න පුළුවන් powerful companion කෙනෙක් දැනට මේක Gemini App එක හරහා global users ලට (18+) open කරලා තියෙනවා.

Content creators ලට ඔයලගෙ videos වලට unique, royalty-free music හදාගන්න මේක ලොකු උදව්වක් වෙයි. දැනට මේක 30-second clips වලට සීමා වුණත් ඉස්සරහට long-form audio generation සහ real-time customization එනකම් බලාපොරොත්තු වෙන්න පුළුවන් පල්ලෙහායින් සාම්පල් ටිකක් දාන්නම්

උපුටා ගැනීම : Adithya Bandara

Share This Article